ටිපර් රථය යතුරු පැදියක් යටකරයි.. බිරීඳ එතැනම මියයයි.. සැමියට බරපතලයි..
December 7, 2017 at 12:40 pm | lanka C news
යාපනයේ මීසාලේ ප්රදේශයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීම හේතුවෙන් යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාව සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
යතුරු පැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල ලෙස තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කොට තිබේ.
යාපනය පොලීසිය පවසන්නේ ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී චාවකච්ඡේරි ප්රදේශයේ සිට පැමිණි යතුරු පැදියක් මුහුණට මහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවටයි.
අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Tiper walata gewanne turn ganata. Waidi pura diwwuwoth waidi ganak laibebawa. Eka nisa tiper yanne saihenna speed. Mewata daidi neethi genna ona. 40ta wada yanna bai kiyala thiyena neethi dadi karanna ona. Anika tiper/bus karayanta purudu karala thiyenne ayeen karanna ona nai, anith wahana ayeen karan yay kiyala. Ekai mee harak wage thawa yanne.