මගේ තාත්තා ලංකාවේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති..- චතුරිකා

December 10, 2017 at 10:00 am | lanka C news
මගේ තාත්තා ලංකාවේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති..- චතුරිකා

තම පියා වන මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට ශ්‍රේෂ්ඨතම ජන නායකයා ජනාධිපතිවරයා වීම ගැන තමන් හීන දකින බවත්, ප‍්‍රාර්ථනා කරන බවත්, බලාපොරොත්තු වන බවත් ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පවසන්නීය.

ඇය මේ බව කියා සිටියේ ඇය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය පොලොන්නරුවේ ජනතාවට පිලිගැන්වීම සදහා පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩලයේදී පැවති උත්සවයකදීය.

තම පියා වන ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලාංකීය සමාජයට අලූත් යහපාලනයක් වෙනසක් සමානාත්මතාවයක් හදුන්වා දුන් විශිෂ්ඨ නායකයෙක් යයි තමන් සිතන බවද ඇය එහිදී පැවසුවාය.

නායකත්වයට කෙටි ගමන් මගක් නැතැයිද කී ඇය ධෛර්යය, ඉවසීම ඇතිව අධිෂ්ඨානයෙන් පිරිසිදු අරමුණකින් යා යුතු බවත් කීවාය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.

241 views

15 Comments to “මගේ තාත්තා ලංකාවේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති..- චතුරිකා”

  1. හින්නිහාමි says:

    “නායකත්වයට කෙටි ගමන් මගක් නැතැයිද කී ඇය ධෛර්යය, ඉවසීම ඇතිව අධිෂ්ඨානයෙන් පිරිසිදු අරමුණකින් යා යුතු බවත් කීවාය.”

    මෙයා මේ නොකියා කියන්නෙ එයාගෙ නියම පියා ගැන විය යුතුයි.

  2. Bend To Bend says:

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න​.
    මගෙ කම්පැණි අරන් යන්න බලය දෙන්න​.
    ගල්,වැලි,ලී,හාල් එක්ක දිවි ගෙවන්න​.
    මගෙ නෑයෝ කෝටිපතියො වී හිඳින්න​.
    තාත්ත ගැන පොත් ලිව්වේ මා නොවේය​.
    රටේ මුදල් ඒ වෙනුවෙන් ගෙවි ගියේය​.
    මගේ නමට කතුවැකියක් ලියවුනේය​.
    ඊළඟ පොත පෙරලෙන්නේ අපායේය​.

    • sky says:

      කෝටි ගන්නන් මහජන මුදල් මට දෙන මගේ පියා ගැන ගුණ ගයලා මදි නේද ? පොත් ලියලා මදි නේද ?
      ඕවා ගෙවන්න වෙන දිනෙත් වැඩි ඈතක නැහැ ඒබව මතක තියා ගන්න
      කොකාට වාරයක් නම් තිත්තයා ටත් වාරයක් එනවා චතුරිකා

  3. SUNIMAL says:

    මගේ තාත්තා මගේ මාමලාට වී වැලි ගස් වලින් හම්බ ක‍රන්න දුන්න ගැනත් පොතක් ලියනවා

Main News