15 දැරිය අපයෝජනයට චම්පික රණවක සමබන්ධ යයි වාර්තා..

July 14, 2021 at 10:02 pm | lanka C news
15 දැරිය අපයෝජනයට චම්පික රණවක සමබන්ධ යයි වාර්තා..

15 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සමාජ ජාල වල පළ වන පුවත ගැන ඒ මහතා පැහැදිලි කිරීමක් සිදුකරයි.

තමන් විසින් එම දැරියගේ දෙමව්පියන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බවටත් මන්ගේ සමීප පුද්ගලයන් මෙම සිදුවීමට සම්බන්ධ බවටත් හැඟී යන ආකාරයෙන් පුවත් පළ කරමින් ඇති බවත් පවසන ඒ මහතා ඒ සියල්ල අසත්‍ය යයිද කියා සිටියි.

ඒ බව සඳහන් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

—-

15 හැවරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තිබියදී, ආණ්ඩුවට සම්බන්ධ මඩ කල්ලියක් විසින් එම සිදුවීමට කිසිසේත්ම සම්බන්ධ නැති පිරිස් ඊට සම්බන්ධ කරමින් පහත් පෙළේ චරිත ඝාතන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මා විසින් අදාළ දැරියගේ දෙමව්පියන්ට දුරකතන ඇමතුම් ලබාදුන් බවටත්, මාගේ සමීපතම පුද්ගලයින් මෙම සිදුවීමට සම්බන්ධ බවටත් හැඟී යන ආකාරයේ පළකිරීම් ආණ්ඩුවේ සට්ටම්බිරාළලා විසින් සමාජ සහ වෙබ් මාධ්‍ය තුළ සිදුකරමින් සිටියි.

දියණියන් දෙදෙනෙකුගෙ පියෙකු වශයෙන් 15 හැවරිදි දැරියක් සල්ලාලයින් පිරිසක් විසින් අපයෝජනයට ලක් වීම එම දැරියට සහ ඇගේ සමීපතමයින්ට කෙතරම් වේදනාකාරී අත්දැකීමක් වනු ඇත්ද යන්න අමුතුවෙන් විස්තර කල යුතු නොවේ. එවන් තත්වයක් යටතේ ඇයට යුක්තිය ඉටුකල යුතු ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලක පැලැන්තිය සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය මෙම දැරියගෙ සිදුවීම දේශපාලන මඩ තලියක් බවට පත් කරගෙන ඌරන් මෙන් හැසිරෙමින් සිටියි. මෙය දරුවන් සිටින දෙමව්පියන් සිහිබුද්ධියෙන් තේරුම්ගත යුතුය.

ශ්‍රී ලංකා පොලීසිය වහාම මෙම විමර්ශණ කඩිනමින් සිදුකොට මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශව කිසිදු පැකිලීමකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකල යුතුය. එහි ප්‍රගතිය රටට හෙළිකල යුතුය.

පසුගිය සමයේ සමාජ මාධ්‍ය මර්දනයට නව නීති ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ විපක්ෂය ඊට එරෙහි විය. දැන් මෙවැනි මඩ ප්‍රහාර හරහා විපක්ෂ ක්‍රියාකාරීන්ගෙ චරිත ඝාතනය කොට ඔවුන් ලවාම සමාජජාල මාධ්‍ය පාලනය කල යුතුය යන මතවාදය නිර්මාණය කිරීම ආණ්ඩුවේ සැඟවුණු අරමුණ විය හැක.

මේ ආණ්ඩුව පත්වූ දා සිට පාඨලී චම්පික රණවක වන මා ඉලක්ක කරමින් අඛන්ඩ මඩ ව්‍යාපාරයක් දියත් කල අතර ඊට ඔවුන් සතු උපරීම හැකියාව යෙදවීය. ඒ මා කෙරෙහි වන කවර බියක් නිසාද යන්න මට නොවැටහේ. නමුත් මේ චරිත ඝාතනයන් ඉක්මනින් අවසන් විය යුතුය. ඒ චරිත ඝාතකයින්ට අමතක නොවන පාඩම් ඉගැන්විය යුතු කාලය එළඹෙමින් තිබේ.

– පාඨලී චම්පික රණවක FB

187,621 views

44 Comments to “15 දැරිය අපයෝජනයට චම්පික රණවක සමබන්ධ යයි වාර්තා..”

  1. ජනජය says:

    ඔක්කොටම කලින් බොට පාඩමක් උගන්නන්න ඕනෙ කළ ගුණ නොදත් ගුණමකුව…උඹට මඩ ප්‍රරචාර යනවද?…හරි පව් නේ…ඕක තමයි කියන්නෙ දිට්ඨධම්මවේදනීය කර්මය …උඹ උඩ පැනගෙන කෙළපු පච විදිහටම බොටත් ලැබෙනව …වැපිරූ දේ තමයි ලැබෙන්නෙ ප.චෝ..!

  2. හොර උපාසක says:

    කොහොමත් ඹූ ඒ ජාතිය පොර නේ. නදීෂට සෙල්ලම දාල එද්දි කොල්ලෙකුත් යටකරල පැනල ගිහින් අහිංසක ඩ්‍රයිවර් ඉදිරිපත් කරල නඩුවෙනුත් බේරුනා

  3. Boo says:

    බලළා මල්ලෙන් එලියට පැන්නාවත්ද බොලේ?

  4. Janaka says:

    කරන කලට පවු මීරිය මීසේ
    විදින කලට දුක් දැඩිවෙයි රිසිසේ….

    පාදඩයා ….

  5. Cover Drive says:

    The person who created this list (apparently Iraj) has included names of people who criticise the government. Sepal Amarasinghe’s said it includes his name also.

  6. අල්ලා says:

    අර නිලියගෙ ගෙදර ගිහිං රෑ මැද සිහිමුලා වෙලා වාහනේ එලවගෙන එනකොට බයිසිකලේක හප්පලා කරපු අපරාදෙට අදාල cctv මැකුව වගේද .?

  7. What is happening to us. Govt like us discussing dirty incidents and throwing ‘mud’ to challenging politicians, in order to cover up their dirty transactions. So, let Authorities to find culprits!

  8. කෙහෙල්කැන says:

    මෙන්නෝ… හොරා මට කලින් වැට පැන්නෝ

  9. පාට පාට ලී ගේ දැං ඩැයිවර් says:

    මේකටත් මාව අහු කරයිද?

  10. Amda says:

    එක්නැලිගොඩ ගෙ වාර්තාවෙ තියෙනව චරිත සහතිකය

Main News