15 දිනට පෙර ශ්රීලනිප 12ක් විපක්ෂයට ස්ථිරයි.. ඇමති හතරක්ද අස්වෙයි..
August 5, 2017 at 3:00 pm | lanka C news
වසර දෙකක කාලයක් සදහා එජාපය හා ශ්රීලනිප අතර අත්සන් තබා ඇති ගිවිසුම අහෝසි වූ පසු දැනට ආණ්ඩුවේ සිටින ශ්රීලනිප කොටසක් ස්වාධීන මන්ත්රීවරුන් ලෙස විපපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.
12 දෙනෙකුගෙන් යුතු මෙහි පලමු කණ්ඩායම එළැඹෙන සැප්තැම්බර් 15 දාට පෙර විපක්ෂයේ අසුන් ගැනීම සදහා මේ වන විට සුබ වේලාවක් පවා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
ඇමැතිවරුන් හතරක්, රාජ්ය ඇමැතිවරුන් හා උප ඇමැතින් ගණනාවක් මෙසේ ඉවත් වන පිරිස තුල වෙයි.
තවත් සති දෙකක පමණ කාලයක් අතුලත ඉතිරි කණ්ඩායමද විපක්ෂයේ ස්වාධීන වීමට තීරණය කර ඇති බවද සදහන්ය.