මුහුදු කොටි මූලස්ථානය වූ සීලාවතුර නාවික කදවුරේ සෙබළු තිදෙනකුට පහරදී සෙබලෙක් හිරකරයි.. බේරාගත්තේ නීතිමය පියවරක් නොගන්න පොරොන්දුව මතයි..

October 20, 2016 at 10:00 am | lanka C news
මුහුදු කොටි මූලස්ථානය වූ සීලාවතුර නාවික කදවුරේ සෙබළු තිදෙනකුට පහරදී සෙබලෙක් හිරකරයි.. බේරාගත්තේ නීතිමය පියවරක් නොගන්න පොරොන්දුව මතයි..

වව්නියාව තාඩිකුලම් ප්‍රදේශයේ සීලාවතුර එදා කොටි ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි මූලස්ථානය පිහිටුවා තිබූ ස්ථානයයි. කොටි ත්‍රස්තවාදීන් සීලාවතුර මුහුදු තීරය යොදාගත්තේ සම්පූර්ණයෙන්ම ඔහුනට අවශ්‍ය සියලු නිතී විරෝධී ආයුධ විදේශ රටවල් වලින් ගොඩබාන ස්ථානය ලෙසයි.

එබැවින්ම යුද්ධය අවසන් වූ පසුත් මේ හරහා විශාල වශයෙන් මෙරට මත්ද්‍රව්‍ය ගෙන එන මධ්‍යස්ථානය ලෙස සීලාවතුර මුහුදු තීරය පාවිච්චි කරන අතර මෙසේ ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය මන්නාරම පුත්තලම හරහා කොළඹට ගෙනු එන ලබයි.

බහුලවශයෙන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා මෙම මුහුදු තීරය යොදා ගන්නා බැවින් ශ්‍රීලංකා නාවික හමුවේ කඳවුරුක් මෙහි පවත්වාගෙනු යනු ලබයි.

මෙහිදී පසුගිය 18 වෙනිදා සීලාවතුර මුහුදු තීරයඔස්සේ කේරළ ගoජා තොගයක් ශ්‍රීලංකාවට රැගෙන එන බවට ලැබුණු ඔත්තුවක් අනුව ප්‍රදේශයේ රැකවලේ යෙදී සිටී නාවික හමුදාවේ භටයන් තිදෙනකු අල්ලාගත් සිලාවතුර අරිප්පු ගම්මානයේ වැසියන් විසින් දරුණු ලෙස පහරදීමට ලක්කොට ඇත. එක නාවික සෙබෙලෙකු එම ද්‍රවිඩ ගම්මාන වැසියන් විසින් අල්ලාගෙන අසල කතෝලික දේවස්ථානයක දිනයක් රඳවාගෙන ඇත.

ගම්මුන් 300 ක් පමණ නාවික හමුදා කඳවුර වටකරගෙන කදවුරේ දොරටුවටද අලාභහානි කරමින් කෑකෝ ගැසිම් කල අතර නාවික හමුදාව අහසට වෙඩිතබා ඔහුන් පලවා හැර ඇත. පහර කෑමට ලක්වූ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අනිකුත් සෙබලුන් දෙදෙනා ගම්මුන්ගන් මිදි පලාගොස් රෝහල් ගතවී ඇත.

පසුදින පොලිසිය ගොස් ගම්මුන් විසින් පල්ලියේ රඳවාගෙන සිටි එම නාවික සෙබලා බේරාගෙන පැමිණියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිම නීතිමය පියවරක් එම සිද්ධියට අදාළව නොගන්නා බව පොරොන්දු වෙමිනි.

සෙබළුන් බේරා ගැනීමට ගම්මුන් සමග එම සාකච්ඡාවට ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනකු මෙන්ම දේශපාලන නායකයින් කිහිපදෙනකු සහභාගි වී ඇත.

47 views

21 Comments to “මුහුදු කොටි මූලස්ථානය වූ සීලාවතුර නාවික කදවුරේ සෙබළු තිදෙනකුට පහරදී සෙබලෙක් හිරකරයි.. බේරාගත්තේ නීතිමය පියවරක් නොගන්න පොරොන්දුව මතයි..”

  1. මහින්දගේ – ගොටාගේ වටිනාකම අදට වඩා හෙට තේරේවි රටට!

  2. සුුද්දා says:

    ඔය වැඩේ දකුනේ වුන් කරනම් දැනටමත් හිරේ. දෙමලුන්ට විතරන් ඇයි මේ වගේ මත් කුඩු ගේන්න ඉඩ දෙන්නේ

  3. කර්තේලිස් ආතා says:

    අනේ ගෝඨ හිටියනං…………..
    අපි කරගත්ත අපරාදෙක තරම………….

  4. Suraj says:

    නාවික හමුදාව ගැන ගොඩක් අය දන්නෙ නෑ. ඔවුන් කරන්නෙ නිශ්ශබ්ද සෙවයක්. ඒ වගෙම නිශ්ශබ්දව අනෙක් වැඩත් කරන්න අපි දන්නවා. චන්ද්රිකාගෙ කාලෙත් ඒ නිශ්ශබ්ද සෙවය රට වෙනුවෙන් අපි කලා. ඒවා ගැන පම්පොරි අවශ්‍ය නෑ. බලාගෙන හිටපියව්..! තොපිට වෙන දෙ මෙෙත්රීවත් දන්නෙ නෑ. උෟට පත්තරෙන් වත් දැනගන්න බැරි වෙයි…

  5. mapitigama says:

    වින කැට දැයට, බුදුදහමට හෙළ දීපේ
    උඩ ගෙඩි දෙමින් කොටියට මුන් කළ පාපේ
    නින්දෙන් නැගිට මෙන් දෙඩුවට බොරු කෝපේ
    වැළකිය නොහැක මෛත්රිට මහජන සාපේ

Main News