සන්ධානය දිනවන්න.. බුලත් අතක් ඔසවා ජනපති කියයි..

December 18, 2017 at 6:31 am | lanka C news
සන්ධානය දිනවන්න.. බුලත් අතක් ඔසවා ජනපති කියයි..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා වතු කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද විශේෂ ජන හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ හපුතලේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සුගුමාරන් නායර්, හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි අශෝක උදයකුමාර යන මහත්වරුන් ද මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුථ පළාත් මැති ඇමතිවරුන් ඇතුථ දේශපාලන ක්‍රියාකාරින් රැසක් මීට එක්විය.

ඡායාරූප : උදේශ් ගුණරත්න
– ජනාධිපති මාධ්‍ය අංශය

72 views

3 Comments to “සන්ධානය දිනවන්න.. බුලත් අතක් ඔසවා ජනපති කියයි..”

  1. aagamikaya says:

    Mara crowd eka. Mewa dakkama pissu hadenava.

    • "සාරවිට" says:

      සිසුවා:– බුලත් කෑවහම පිලිකාව හැදෙන නිසාද ටීචර් අපේ ජනාධිපතිතුමා ” බුලත් අතක් ” ……………..පෙන්නගෙන වේදිකාවක නැගලා ඉන්නේ?
      ටීචර්:—-නෑ….නෑ…. ලමයි අපේ ජනාධිපතිතුමා “මයිලෝ” පැකට් එකක් පෙන්නල කියපු දෙයම …………….තමයි ඔය ” බුලත් අතක් ” පෙන්නලත් කියන්නේ….!!!!
      සිසුවා:– ඒ මොකක්ද ටීචර්?
      ටීචර්:—- අනේ…!!අනේ…!! ඇයි ඔය ලමයි පත්තරේවත් බලන්නේ නැද්ද?

  2. cim says:

    Kohomada gaemma

Main News