රැකියා දශ ලක්‍ෂය ප‍්‍රමාදයි.. විරැකියාව 4%කින් වැඩි වෙයි..

October 20, 2016 at 5:30 pm | lanka C news
රැකියා දශ ලක්‍ෂය ප‍්‍රමාදයි.. විරැකියාව 4%කින් වැඩි වෙයි..

2015 වසරේ මුල් කාර්තුවට වඩා 2016 වසරේ පළමු කාර්තුවේ විරැුකයාව 4%කින් ඉහල ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව කියයි.

මේ වන විට මෙරට විරැකියාවෙන් පෙළෙන්නන් 3,77,987ක් යයිද චත්නක එම වාර්තාව 2016 වසරේ දෙවැනි කාර්තුව වෙද්දී අසූ දෙලක්ෂයක් මෙරට ආර්ථික ක‍්‍රියාවලියට දායක වන බවත් ඉන් 64.3% පුරුෂයින් බවද කියයි.

39 views

5 Comments to “රැකියා දශ ලක්‍ෂය ප‍්‍රමාදයි.. විරැකියාව 4%කින් වැඩි වෙයි..”

  1. Nareen says:

    Dasalakshaya kese vethath rajayema abaarthu oona tharam thiyenava.Tharanga vibhaaga valin sudussan bandavaaganeema kala yuthui.A vagema 60 ikmavaa conthraath padanama matha sevaya navathaa damaa ema abaarthu piraveemata kriyaakala yuthui. Rakiyaa deema vinividha bhaavayenma siduviya yuthuya.

  2. thilan says:

    Mey wage loku arthikaval karanna mey ahinsa jr premadasala hariyanne na .mahinda enna ona, natham mahinda wagema kenek enna ona .unp anduwa pawathunoth saginnen minusu marevi .ow kanna thamai mahindata chanda denne.anagathe paramparawa mathaka thiyagana,sanginnen minusu marenna ona nam unp andu hadanna,hondata kanna bonna ona nam slfp andu hadanna

  3. Dickie Bird says:

    Why no job ????????? all settled.

    Tall persons to Security…………………
    Short persons to be labourers.

  4. රතු අලි says:

    උසනං සිකුරිටි මිටිනං කම්කරු.

  5. lanvima says:

    සුදුස්සන් පාරේ හිගා කන තත්වයකට ඇද දමා තිබෙන අවධියක, විදුලි බල මණ්ඩලයේ සේවා සදහා ශ්‍රි ලංකා එනජීස් ආයත්නයට අනියුක්ත මැන් පවර් 3200 ක සුදුසුකම් නොමැති හරක් රැලකට ස්ථිර පත්වීම් දීමට මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතියක් හිමි ව ඇත. ඒ සදහා උත්සවයක් 2016-10-18 වන දින සංවිධානය කර ඇති අතර අතිගරු ජනාධිපති තුමාවද මෙහිදී ඉතා සුක්ෂම අයුරින් නොමග යවා එතුමා අපකීර්තියට පත්කිරීමේ වැඩ පිළිවෙලක් ද, ක්‍රියාත්මක වී ඇත. මෙම 3200 ක හරක් බාන අතර අපොස සා.පෙ. වැඩ දෙකක් පමණක් සමත් අය 433 ක් වේ. ඔවුන්ගෙන් 1200 ක් ම රාජය සේවයේ බදවා ගැනීමේ අවම අවුරුදු ගණන වන 35 ට වඩා වැඩි වන අතර, අවු. 50 ට වැඩි අය 146ක් ද, අවු 60 ට වැඩි අය 22ක්ද වේ.

    හාස්යට බදුන් වන කරුණ නම්, මේ වන විට ලංවිමෙන් විශ්‍රාම ලබා පෙන්සන් පඩිය ගන්නා, එහෙත් කොන්ත්‍රාත්තු පදනම මත අවුරුදු 5ක් හෝ 6ක් සේවය කර ඇති වයස අවුරුදු 60 සිට 68 අතර 7 දෙනෙක් සිටින අතර, ඔවුනුන්ටත් අවු: 3ක පරිවාස කාලයකට යටත්ව ස්ථිර පත්වීම් ලබා දීම සදහා සියල්ල සුදානම් කර ගෙන යයි.

    මෙම නුසුදුසු සේවකයන් කාණ්ඩ 15 ක් සිටින අතර (උදා: රියදුරු , ලිපිකරු, විදුලි අධිකාරි, ඉංජිනේරු සහකාර, නුපුහුණු සේවක,…….) ඔවුන් සියල්ලම නව සේවා කාණ්ඩයකට අනියුක්ත කර, පරිවාස කාලය අවසන් වු විට හා නිසි සිදුසුකම් සපුරා ලු විට ( 5 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය පමණක් පාස් 800 ක් පමණ සිටින අතර, මොවුන් සුදුසුකම් සපුරාලන්නේ, ඊළග ආත්මයේදී බව, පාඨක ඔබට තේරුම් යන්නේ යැයි සිතමු) සුදුසු සේවා කාණ්ඩයකට අනියුක්ත කෙරේ.

    මේ සදහා, ගරු. රවි කරුණානායක අමාත්යය තුමා එකග නොවී තිබු අතර, ඔහුගේ නිරීක්ෂණය වුයේ, මොවුන් ලංවිම නිතය සේවයට ගතහොත්,මුළු සේවකයන් ගණන 23000ක් පමණ වන අතර, ඒ සදහා බි. 36 ක මුදලක්, ඔවුන්ගේ පඩි නඩි සහා අනෙකුත් දීමනා සදහා වැය වන බවයි. මේ සදහා දැනට ගෙවන මුදලින් 19% ක ප්‍රමාණයකින් ඉහළ යැමක් වන අතර, එම නිසා ලංවිම බංකලොත් භාවයට පත් වනු ඇති බව ඔහු සදහන් කරයි. එසේම, මැන් පවර් සේවකයින් අති විශාල ප්‍රමාණයක් අනෙකුත් රාජ්ය ආයතන වල සේවයේ සිටින අතර මෙය වැරදී පුර්වාදර්ශයක් වනු ඇති අතර, තමන්ගේ මේ සදහා එකගතාවය නොමැති බව ඔහු තරයේ ප්‍රකාශ කරයි.

    මෙය තුට්ටුවකට මායිම් නොකළ විදුලි බල අමාත්යයාංශයේ ලේකම් ආචාර්ය බටගොඩ සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා මෙම සුදුසුකම් නොමැති මෝඩයෝ පිරිස බදවා ගැනීමට අනූමැතිය ලබා දුනි. මෙහිදි, ආචාර්ය බටගොඩ මහතා, පරිසර දුෂණය උපරිම සාම්පුර් බලාගාරය නැවැත්වුවද, මෙම මෝඩ තීරණයට එළඹීමෙන් පෙනී යන්නේ, ඔහුගේ ආචාර්ය පදවිය මර්වින් සිල්වා තමන්ගෙ ආචාර්යය පදවිය ලබා ගත් උපාධි කඩයෙන් ලබා ගත් එකක් බවයි. තවද, මොහු විසින් අමාත්යය මණ්ඩලය අමු දවල් නොමග යැවීමක් කරලා තිබේ යැයි අපට හිතවත් අමාත්ය වරයෙකුගෙන් විමසු විට දැනගන්නට ලැබුණි.

    මේ සදහා ලංවිම වෘත්තිය සමිති එකමුතුව එකගතාවය පළ කර ඇති බව පෙනේ. . මෙම අලුත් සේවා ඛාංඩයේ නිර්මාතෘ වන්නේ, ජාතික හෙළ උරුමයේ වෘත්තීය සමිතිය වන විදුලි පොදු සේවක සංගමයේ සභාපති වන මාලක වික්‍රමසුරිය නැමැත්තා බව අපට ආරංචි විය. එසේම, ශ්‍රි ලංකා එනජීස් සමාගමේ නුසුදුස්සන් වෙනුවෙන් විදුලි සේවක සංගමයේ සභාපති රන්ජන් ජයලාල්ද , මීටරේ හරිහැටි කියවාගන්න නොහැකි නුසුදුස්සන් සිටිනා අයපත් කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වික්‍රමසිංහ නැමැත්තා එම ගොබ්බ රැළ වෙනුවෙන්ද පෙනී සිටින බවයි.ලංවිම ඉංජිනේරු සංගමය මෙහිදි මුනිවත රකින්නේ, ඔවුන්ගේ අසාධාරණ වැටුප් වැඩි වීම සාදාරණීකරණය කිරීමට මෙය මහගු අවස්ථාවක් වී ඇති නිසායි. සැමදා අවස්ථාවාදී ඔවුන්ගේ අදහස නම්, මෙම නුසුදුස්සන් ස්ථිර කිරිමෙන් රු. බිලියන ගනනින් පාඩු වීම ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සදහා වැය වු රු. මි.150 සමග සංසංදනය කිරීමට නොහැකි බවයි.

    ඒ තත්වය නිසා ලංවිම තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, සහෝදර සේවකයන් දෙදෙනෙක් අප වෙත පැවසුවේ, මෙන්න මෙවැනි අදහසකි.”දැන් මැන් පවර් වැඩ කරන එවුන් මාර ඔලුවෙන් ඉන්නෙ, මේ ලගදී මට එකෙක් කීවා, උඹලා පාඩම් කරලා කට්ට කාලා එන තැනටම අපි 8 පාස් වෙලා එනවා බන්. උඹට සතුටුයිද දැන්….. උඹට සතුටුයිද දැන්….කියලා. අම්මපා ඒකගේ දත් සෙට් ටික බඩට යවන්න හිතුනා, ඒත් ඉතින් 8 පාස් ගොන් බදින කනු එක්ක ඩිග්‍රි කරපු අපි වගේ එවුන් කොහොමද හැප්පෙන්නේ. මේකේ ශාපේ යන්න ඕනේ මේ දේට උල්පන්දම් දීපු වෘත්තිය සමිති ….ගේ පුතාලා යි. ඕකුං ගරු ඇමති තුමා සහා නියොජ්ය ඇමති තුමා ලාට මාර වදයක් දුන්නේ ඕක කරගන්නකන්”

    මෙම කරුණු ටික ලියනවිට මතක් උනේ, මහත්තයෙක් වගේ ජැංඩියට ඇදලා අම්මට වැදලා ඔෆිස් එකේ රස්සාවටක ‍යයි කොළඹ එන, උදේ 8 ට එම ඇදුම් උනා දමා ඉරිච්ච ගද ගහන ඇදුමක් දාගෙන රැකියාවක් නොමැතිකමෙන් තුට්ටු දෙකට මේසන් බාස් ලා ළග ගෝල වැඩේ කරණ මාගේ උපාධීධාරි සහෝදරන් ද. උදේ, 4 කනිසමට ඇහැරි, උයා පිහා බස් එකට නැගලා ගමන්ට් එකට ඇවිත්, අතේ කරගැට එනකං ජුකී මැසිං එකත් එක්ක ඔට්ටු වී, සුපර්වයිසරයගෙන් හොද ඒවා අහගන්න, සොච්චමක පඩියට වැඩ කර, හරි හැටි නොකා නොබී, තමන්ගේ දැවැද්දට සල්ලි ඉතුරු කරන මාගේ උපාධීධාරී සහෝදරියන් ද, සියළු දෙනා මතක් වන්නේ හද පිරි සංවේගයෙනී.

    ඒ වාගේම හොදට මතක තබා ගන්න, ලංවිම මාතාවද දුෂණය වන ඓතිහාසික දවස 2016-10-18 දින වන අතර, තැන පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය වේ.

Main News