දේශපාලන කාලකණ්නි ජනවාරි 08 ප්‍රතික්ෂේප කළා… නගර සභා බලය ආණ්ඩුව තිබෙන පක්ෂයට ලබාදිට යුතුයි..

December 28, 2017 at 5:30 pm | lanka C news
දේශපාලන කාලකණ්නි ජනවාරි 08 ප්‍රතික්ෂේප කළා… නගර සභා බලය ආණ්ඩුව තිබෙන පක්ෂයට ලබාදිට යුතුයි..

ආණ්ඩු බලයේ සිටින පක්ෂයට පළාත් පාලන මැතිවරණයේ දී ජයග්‍රහණය හිමිකර දීමෙන් ගමට ද සේවාවක් ලගා කර ගත හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

බේරුවල නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම පක්ෂ කාර්යාල විවෘත කිරීමෙන් පසු මාලිගාහේන ප්‍රදේශයේ පැවැති ජන හමුවක දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘මැතිවරණ ප්‍රචාරක කටයුතු අද සිට ආරම්භ වෙනවා. නොසිතූ විරූ සහයෝගයක් බේරුවල ප්‍රදේශයේ ජනතාව අපට ලබාදෙනවා. බේරුවල නගර සභාව ජයග්‍රහණය කරන්න අපට පුලුවන්. නගර සභාවේ නගරාධිපතිධූර අපේක්ෂකත්වයට අපි නම් කිරීමට සිටි පුද්ගලයා වෙනත් දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්වීමට එකතු වී සිටිනවා. මීට පෙර ද තම මස්සිනා අමාත්‍යධූරයේ සිටිය දී ඔහු මුස්ලිම් කොන්ග්‍රසයෙන් මැතිවරණයට ඉදිරිපත් වුනා. ඒ සත්තුවත්තක් බේර ගන්න. මෙවරත් එහෙමයි. ඔහුට අවශ්‍ය නගරාධිපතිකම නොවෙයි. තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමටයි. දර්ගා නගරය ගිනි තැබූ පුද්ගලයින් සමගයි ඔහු ඔක්ව සිටින්නේ. ඒ කාලකණ්නි දේශපාලන රටේ ජනතාව ජනවාරි 08 ප්‍රතික්ෂේප කළා.

තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කිරීමට ඇතැමුන් පෙළෙඹෙනවා. ඇතැම් අය මුදලට තමයි දේශපාලනය කරන්නේ. එක්සත් ජාතික පෙරමුණට නගර සභාව ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙන අතර, පිරිසිදු මැතිවරණයක් පැවැත්වීමට අපි කැපවිය යුතුයි. ඇතැම් පිරිස් මුදල් වැය කරලා මෙම ජයග්‍රහණය ලබාගැනීමට සුදානම් වෙනවා. ඊට ජනතා ඡන්දයෙන් අපි පිළිතුරු ලබාදීමට සුදානම් විය යුතුයි. නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා නගර සභා මුදල් වලින් රුපියල් කෝටි හතරහමාරක් ඉතිරිව ඇති බව. එයා නගර සභාව නිවැරදිව පවත්වාගෙන ගියේ නම් එම මුදලින් ද ජනතාවට සේවාවක් කරන්න තිබුනා. නමුත් ඔහු කළේ මැණික් වෙළෙද ව්‍යාපාරය පමණයි. නැතිනම් විදේශගතවීම පමණයි. ජනතාවගේ අවහ්‍යතා ඉටු කළේ නැහැ. නගර සභාවේ බලයත් ආණ්ඩුව තිබෙන පක්ෂයට ලබාදීමට ජනතාව කටයුතු කළ යුතුයි. එවිට තමයි වැඩි සේවාවක් නගර වාසීන්ට සිදුවන්නේ.

මෙවර නගාරාධිපතිධූරයට විදේශ සංචාර නොයෙන, බේරුවල සිටින පුද්ගලයෙක් අපි පත් කළ යුතුයි. නව නගර සංවර්ධන සැළැස්මක් ක්‍රියාත්මක කර පළාත දියුණූ කළ යුතුයි. වත්මන් රජය වසර 2020 වන තුරු රට පාලනය කරමින් ඉන් පසු එළැඹෙන මැතිවරණයෙන් ද ජයග්‍රහණය ලබාගෙන වසර 2025 දක්වා රට පාලනය කරනවා’

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෆ්ටිකාර් ජමීල් මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ඇතුලු අපේක්ෂකයින් සහභාගි වී සිටියහ.

– ප‍්‍රසන්න රණතුංග

10 views

5 Comments to “දේශපාලන කාලකණ්නි ජනවාරි 08 ප්‍රතික්ෂේප කළා… නගර සභා බලය ආණ්ඩුව තිබෙන පක්ෂයට ලබාදිට යුතුයි..”

  1. Dr Lakshman Fernando says:

    ARE YOU DREAMING STUPID ?

  2. Lapaya says:

    Sarama ussala balapan ube kona thiyana wada kiyala.

  3. Kepuwathkola says:

    The Bond Commission report is scheduled to be submitted today.

    Was is submitted?

    Are Ranil and Arjin already arrested?

  4. silva says:

    warenko dennam kosu mitenma

  5. anura kumara jvp says:

    feb 10 me kalakanni elawamu

Main News