සියළු වල් අලි අල්ලා විකුණා අයවැය හිගය පියවන යෝජනාවක්.. අලි-මිනිස් ගැටුමටත් විසදුමක්ලූ..

October 22, 2016 at 10:00 am | lanka C news
සියළු වල් අලි අල්ලා විකුණා අයවැය හිගය පියවන යෝජනාවක්.. අලි-මිනිස් ගැටුමටත් විසදුමක්ලූ..

2017 අයවැය සදහා විකල්ප ක‍්‍රම ඔස්සේ මුදල් සෙවීමට මෙරට වන අලි අල්ලා විදේශයන්ට විකුණා දැමීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මෙරට ආර්ථිකය සම්බන්ධ ඇමතිවරැන් කිහිප දෙනෙකු හා නිලධාරීන් පිරිසක් අතර පැවත සාකච්චාවකදී මේ යොජනාව ඉදිරිපත්ව ඇත.

මෙමගින් එක වරම අයවැයට කෝටි ගණනක් මුදලක් සොයාගැනීම, පෙරහැරවල්වලට අලි ලැබීම, අලි මිනිස් ගැටුමට ස්ථාර පිලිතුරක් ලැබීම, අලි වැට සදහා යන වියදම් ඉතිරි වීම ඇති ලාබ රැසක් එකවර ලබෙන බවද යෝජනාව ඉදිරිපත් කල ඇමතිවරයා පැහැදැලි කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නැත.

කෝටි 400ක මුදලක් සොයා ගැනීම සදහ රජයේ වතු සමාගම්වල ඇති ගස් ලක්‍ෂ ගණනක් කපා විකිණීමේ තීරණයද මෙහිදී සාකච්චා කර තීරණය කරනු ලැබූවකි.

158 views
Main News