16 කණ්ඩායමෙන් පලිගැනීම් ඇරඹෙයි.. 16 දෙනාම FCIDයට..

May 25, 2018 at 11:20 am | lanka C news
16 කණ්ඩායමෙන් පලිගැනීම් ඇරඹෙයි.. 16 දෙනාම FCIDයට..

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් පලිගැනීම් ඇරඹී ඇති බවත් පළමු බිල්ල ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා එන සදුදා දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ගිය රජයේ සංස්කෘතික ඇමතිව සිටිමින් පෙරහැරකට වාහනයක් දීමෙන් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට ඒකානායක මහතාට චෝදනා කර ඇති බවත් මහ බැංකුව මහ දවාලේ කොල්ල කෑ කොල්ලකරුවා නිදැල්ලේ සිටිනා බවත් ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙය පැහැදිලිවම දේශපාලන පලිගැනීමක් බවත් පවසන මන්ත‍්‍රීවරයා ඒකනායක මහතාසමග සෙසු 15 දෙනාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ගමන් කරන බවද සදහන් කලේය.

53 views
Main News