16 කණ්ඩායමෙන් 05ක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. ශ්රීලනිප ප්රතිසංවිධානයෙන් කිසිම වැඩක් නෑ..
June 12, 2018 at 3:00 pm | lanka C news
ධුරයන් අතහැර විපක්ෂයට එක් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ පස් දෙනෙකු ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්රී ටී.බී. ඒකනායක මහතා පවසයි.
තමන්ද ඇතුළු මෙම කණ්ඩායම ඉදිරියේදී මේ ගැන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හා සාකච්චා කරන බවද ඔහු කියා සිටී.
ශ්රීලනිප ප්රතිසංවිධානයේදී අපේක්ෂා කල ආකාරයේ කිසිවක් සිදු නොවන නිසා 16 කණ්ඩායම ගැන සිටින්නේ කලකිරීමෙන් බවද මන්ත්රීවරයා කියයි.
මෙම පස් දෙනා සාමාජිකත්වය ගත් පසු 16 කණ්ඩායමේ තවත් පිරිසක් පොහොට්ටුවට එක්වීමට නියමිත බවද ඔහු තව දුරටත් පැවසීය.