16 කණ්ඩායමේ ඇමති ආරක්ෂාව ඉවත් කෙරේ..
August 21, 2018 at 6:48 pm | lanka C news
මෑතකදී ආණ්ඩුවේ ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාගෙන් කිසිවෙකුට අමතර ඇමති ආරක්ෂාව යොදවා නැති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඊයේ පස්වරුව වන විට තම කණ්ඩයමේ මන්ත්රීවරුන්ට සිටි ඇමති ආරක්ෂකයන් සිටළු දෙනාට ඉවත් වන්නැයි නියෝග ලැබී තිබූ බවද ඔහු සදහන් කරයි.
ඊයේ දින තෙක් එම පිරිස් තම කණ්ඩයමේ මන්ත්රීවරුන් ලග සිටියේ ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන්නැයි නියෝග ලැබී නොතිබූ නිසා බවද ඔහු සදහන් කරයි.
ඇමති ආරක්ෂකයින් ට අමතරව පරිවාර රථ ද අමතරව ලබාදී ඇතැයි පළවන වාර්තා මන්ත්රීවරයා ප්රතික්ෂේප කරයි.
werry good
ඔය කාටවත් දැන් ආරක්ෂාවල් ඕනේ නැ.. දැන් කොටි නෑනේ මරාගෙන මැරෙන්න…
Habayi ithin munta gam walata yanda baha, minissu gahanawa; mechcharakal Yahapaalaneta kade giyata.