16 කණ්ඩායමේ පිරිසකට ආණ්ඩුවෙන් නඩු දමයි..
September 8, 2018 at 1:20 pm | lanka C news
මෑතකදී ආන්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂය 16 දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනකුට නඩු පැවරීම සඳහා පරිපාලන අමාත්යංශය තීරණය කර ඇත.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ඇමැති ධුර දරන කාලයේදී රජය විසින් ලබාදෙන නිල නිවාස යළි භාර නොදීම නිසා මෙසේ නඩු පැවරීමට නියමිතයි.
ඇමති ධුරවලින් ඉවත් වීමෙන් පසු නිල නිවාස වලින්ද ඉවත් වන්නැයි රාජ්ය පරිපාලන අමාත්යංශය විසින් ඔවුනට මීට පෙර ලිඛිතව දන්වා තිබුණද එම කාලසීමාවේ නිල නිවාස භාර නොදුන් නිසා මෙසේ නඩු පැවරීමට තීරණය කර ඇත.