16 කණ්ඩායමේ ප්‍රබලයන් 06ක් ශ්‍රීලනිප ආසනවලින් නෙරපයි..
September 21, 2018 at 11:20 am | lanka C news
ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙකුගේ ආසන සංවිධායක ධුර ඉවත් කර ඇත.
ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කරයි.
මෙසේ ආසන සංවිධායක ධුරයන්ගෙන් ඉවත් කර ඇත්තේ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්රියදර්ශණ යාපා, ටි.බී. ඒකනායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රී පිරිසයි.
මෙම පිරිස ශ්‍රීලනිප ප්රතිසංවිධානයේදී පක්ෂ ආසන බල මණ්ඩල පිහිටුවිමට කටයුතු කර නැති නිසා මෙම පියවර ගත් බවද මහ ලේකම්වරයා කියා සිටී.
මෙම පිරිස වෙනුවෙන් නුදුරේදීම නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට අදහස් කර සිටින බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.