16 කණ්ඩායමේ කොටසක් හෙට සිට ඒකාබද්දයට.. ශ‍්‍රීලනිපය අතහරී..

June 18, 2018 at 3:00 pm | lanka C news
16 කණ්ඩායමේ කොටසක් හෙට සිට ඒකාබද්දයට.. ශ‍්‍රීලනිපය අතහරී..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ පිරිසක් හෙට දිනයේ ඒකාබද්ද විපක්‍ෂයට නිල වශයෙන් එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට දිනයේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුව සදහා මෙම 16 කණ්ඩායමෙන් මන්ත‍්‍රී පිරිසක්ද සහභාගී වනු ඇති බව සදහන්ය.

හිටපු ජනාධිපත මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී මෙම සාකච්චාව පැවැත්වෙන්නේ යයිද එකී ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

34 views
Main News