16 කණ්ඩායම අලුත් අගමැති සමග අලුත් ආණ්ඩුවක සැරසේ.. එජාප 30ක් ශ‍්‍රිලනිප 20 සමග සාකච්චා..

April 28, 2018 at 11:20 am | lanka C news
16 කණ්ඩායම අලුත් අගමැති සමග අලුත් ආණ්ඩුවක සැරසේ.. එජාප 30ක් ශ‍්‍රිලනිප 20 සමග සාකච්චා..

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රටේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමඟ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම ළඟදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් දිසානායක මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැන දැඩි කලකිරීමෙන් මේ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 30කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් 10 දෙනකු පසුගිය 26 වැනිදා රාත්‍රි තමා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බවත් එස්.බී. දිසානායක මහතා කීය.

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එම සාකච්ඡාවේදී ඔවුන් මූලික එකඟතාව පළ කළ බවද දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කරයි.

මීට අමතරව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමෙන් පසුව දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාගෙන් 10 දෙනකු අනිවාර්යයෙන්ම විපක්ෂයට එක්වන බවත්, ඉතිරි 15 දෙනාගෙන් 10 දෙනකු නව ආණ්ඩුවක් සඳහා ඕනෑම වේලාවක සහාය ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන බවත් දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාගෙන් 5 දෙනකු හැරෙන්නට 20 දෙනකු අනිවාර්යයෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සහාය ලබාදෙන බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

කිසිදු තනතුරක් භාර නොගෙන නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනා ඕනෑම අවස්ථාවකදී සහාය ලබාදීමට සූදානම් බවද දිසානායක මහතා පවසයි.

මීට අමතරව වතුකරයේ දෙමළ පක්ෂ නායකයන් හා උතුරු, නැඟෙනහිර මුස්ලිම් පක්ෂ නායකයන් සමඟද නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

– mawbima

35 views

13 Comments to “16 කණ්ඩායම අලුත් අගමැති සමග අලුත් ආණ්ඩුවක සැරසේ.. එජාප 30ක් ශ‍්‍රිලනිප 20 සමග සාකච්චා..”

  1. නිලුකා දමයත්නි says:

    dm තුෂාර ජයරත්න කියා වැදගත් මහත්තෙයක් ස්විට්සර්ලන්තයේ සිට ඉතා වැදගත් වැඩ කොටසක් කරනවා, u ට්යුබ් මාර්ගයෙන්. මෙරට දේශපාලකයන්ගේ අදුරදර්ශී ලිංගික ක්‍රියා මෙතුමා කදිමට විදහා දක්වනවා. අඬගහල දේශමාන්‍ය සම්මනයක් දෙන්න ඕන උතුම් මහතෙක් එයා.

    • FREE says:

      ඩී.එම්.තුෂාර ජයරත්න කියන්නෙ මහත්මයෙක් නම් සැබෑ මහත්වරුන්ට කුමක් කිව යුතුද කියා අපි නොදනිමු.ඔහු යූ ටියුබය හරහා කුණු හරුප වපුරන මානසික රෝගියෙකි.නිලුකා දමයන්ති ඔහුගේ යූ ටියුබයට මෙතරම් කෑදර ඇයි දැයි අපි නොදනිමු..

      • නිලුකා දමයත්නි says:

        DM තුෂාර ජයරත්න කුණුහරුප වපුරනවා? ඒත් ඒ මහත්තයා කියන්නේ ඇත්තනේ!

  2. David Milli-banda says:

    Karagena warella…………………………………………Api andu karala ratatama penwannam.

    ra watuna wale, ayeth dhawal watenne nehe.

    • DESHAPREMIYA says:

      Whoever,who form a new government, it should
      safeguard the Country’s National interests,National security, soverignity and culture.It should not dance to the tune of colonial
      masters, NGOs(who are also the tools of NEO_COLONIALISM),and separatists.

  3. දෙන්නම් කජු says:

    දෙන්නම් කජු කිව්වට ඕවා බො…බො…බො…බො…රූ. සුදු බන්ඩො. මොනවද ඔට්ටු.මං ජංගිය නැතුව පාරේ දුවනවා. පුළුවන් නම් අල්ල ගනින්.මොනර මාළු කන්න කපුටු මාළු විසිකොරන මන්ද බුද්දීකායෝ දෙසපාලනයේ නෑ මල්ලි.

  4. Saradiel says:

    බලයට පෙරේත වසලයෝ

  5. Karu says:

    කොච්චර ලස්සණ සිහිනද?
    තව අවුරුදු දෙකක් දැක දැක ඉන්න පුළුවන් එස්.බී.

  6. chandra says:

    Will MR be the new PM? If it is so the whole country will be Abasaranai, it will be a Rajapassa family Union with all rouges around him like the past regime. Better to choose some other as new PM. Siripala or Karu will be better.

  7. ane yahaluwane MUNGE MUNU BALAPALLA banku ginum, watupiti,almari , MALIGA balapalla
    kalakanni rata winasa kala thawath try, palayalla minissu yakkuwela reeri manse ka damai

  8. Samuvel says:

    මේ වසලයින් එකෙක් වත් රට වැටුනු ප්‍රපාතයට තමන්ද දායකවූ බව නොදනීද . උන්ට ඒකට වත් සිතන්න මොලයක් හෝ සදාචාරයක් නැත. දිවා රාත්‍රී සිතන්නේ තමන් වැටෙන්න යන වල සහ ඒකෙන් ගැලවෙන ක්‍රම ගැන පමනි. මේ එක හිටපු ඇමතියෙකුට වත් රටට සිදුවූ හානිය නිවරිදි කරන්න ක්‍රම වේදයක් තියනවද. නැත්නම් ඒකට මොලයක් තියනවද. පිස්සු පූසෝ.

  9. sundarasena says:

    sattakinma ape ratata democracy gelapenne nehe wage. wedi adu ugath minissu, rewatenawa.. salli. kayya. arakku, daruwo kiss kara wadagattama. atha atha ganna dunnama,
    kuleta, nekamata, lassanata, ex. pabata,geethata pawitrata,/ gedara pile indagattata, kussiyata aawata VOTE KARANA MEEHARAK 60% inna ratak nisa mema wipatha wela thiyenne

Main News