16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ශ‍්‍රීලනිප ලක්‍ෂ 14න් එක ඡන්දයක්වත් ගියේ නෑ… රාජපක්‍ෂලා තාමත් සුළුතරයයි.. බහුතරය අපියි..- චම්පික

June 19, 2018 at 1:20 pm | lanka C news
16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ශ‍්‍රීලනිප ලක්‍ෂ 14න් එක ඡන්දයක්වත් ගියේ නෑ… රාජපක්‍ෂලා තාමත් සුළුතරයයි.. බහුතරය අපියි..- චම්පික

16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුවත් පසුගිය මැතිවරණයේදී ශ‍්‍රීලනිප හා සන්ධානයට ලද ඡන්ද ලක්‍ෂ 14 එලෙසින්ම තිබෙන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එම ලක්‍ෂ 14ත්, එජාපයේ ඡන්ද ලක්‍ෂ 32ත්, ජවිපෙ 06ත් ඇතුළු සෙසු පක්‍ෂවල ඡන්ද ඒක කර ගත් විට රාජපක්‍ෂ බල කදවුරට විරුද්ද ඡන්ද ප‍්‍රමාණය බහුතරය බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.

Hiru TV Salakuna Live | 2018-06-18Web: www.hirutv.lk#HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Gepostet von Hiru Live am Montag, 18. Juni 2018

74 views

17 Comments to “16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ශ‍්‍රීලනිප ලක්‍ෂ 14න් එක ඡන්දයක්වත් ගියේ නෑ… රාජපක්‍ෂලා තාමත් සුළුතරයයි.. බහුතරය අපියි..- චම්පික”

  1. chandapala says:

    මොහු ශ්‍රීලනිප ලක්ෂ 14 , යුඑන්පි 32 , ජේවීපී ලක්ෂ 6ක් ගැන කියවනවා . නමුත් මිනිහට එක චන්දයක්වත් තියනවා කියල කියන්නේ නෑ . අනුන්ගේ චන්දෙන් බැබලෙන්න හදන පින්ගුත්තරයෙක් වගෙයි.

  2. ෴හෙළයා෴ says:

    වියත් මග දුටු විට කැට කැබලිති ගෙන පෙනය පුප්පන්නට දත කෑ ගැරඬිනට භූමිතෙල් පහරක් වැදුනා හා සමානය​.ගල් අඟුරු සුදු කල​,උන්ට පාර වැරදී ඇත​.ශාරීරික හා මානසිකව මිනිසුන් තලා පෙලා කාලකන්නි වින්දනයක් ලැබූ සුදු පිරුවටධාරීන් අතරමංව ඇත​.නිශාචරයින් සේ අවලමේ ගොස් තරුණ ජීවිත අඩපණ කල උන් දිට්ඨ දම්ම වේදනීය කර්මයට මුහුණ දී ඇත​.සඟුන් භේද කර බල තණ්හාවෙන් හිස උදුම්මා ගත් එවුන් ආනන්තර්‍ය පාප කර්මය වැලඳගෙන ඇත​.කල පව් හැවනැල්ල මෙන් පසු පස ඒම වලක්වන්නට සුදු පිරුවටයට නොහැක්කේය​. යැංකින් හා හෙළුවෙන් හිට ගෙන හෙළයේ උරුමය රකින්නටද නොහැක්කේය​.නැවුම් මාවතකට රට ගෙන යන්නට මෙවන් මුසාවාදවලටද නොහැක්කේය​.ජනතාව කල් යල් බලා වියත් මගේ පා නගනු ඇත​.

  3. silva says:

    champiko uba iskole yaddi ganan fail neda

  4. Balla says:

    මම එදා ඡන්දය දුන්න කෙනෙක්. අද නැහැ. එතකොට කොහොමද කියන්නෙ එක ඡන්දයක්වත් අඩුවෙලා නැහැ කියල? මගේ ඡන්දය අඩු වෙලානෙ???

  5. මෝඩ උගතා,පචයා,උද්දච්චයා,වාචාලයා,තමන්ගේ වාසිය තකා අත්තෙන් අත්තට පනිමින් අහිංසක මිනිසුන්ගේ බදු මුදලෙන් යැපෙමින් සුර සැප විඳිමින් ගෙවන කාලය තව ටික කලකට බව අවබෝධ කරගත්තොත් හොඳයි.ඊට පස්සේ අර අහිංසක කොල්ලව සදාකාලික අබ්බගාතයෙක් කරපු පව් ගෙවන්න වෙනකොට ඡවිතයේ අනියත බව වැටහේවි.