16 කණ්ඩායම කියන සන්ධාන කිසිත් නෑ.. එන මැතිවරණයටත් පොහොට්ටුවෙන් පමණයි.. ඔවුන්ගේ උවමනාව ආණ්ඩුව පෙරලීම නෙමෙයි.. පොහොට්ටුව දෙකඩ කිරීමයි..
June 19, 2018 at 12:00 pm | lanka C news
ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් තරඟ කල යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින් බවත් ශ්‍රී.ල.නි.ප. හා 16 කණ්ඩායම යෝජනා කරන පරිදි ශ්‍රී.ල.නි.ප.ය ප්රමුඛ සන්ධානයකින් එළඹෙන මැතිවරණ වලට තරඟ කිරීමට සූදානම් නැති බවත් ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී සංසදය අවධාරණය කරයි.
එහි සභාපති බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා අවධාරණය කලේ හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සිය සංසදය ආණ්ඩුවට අභියෝග කරන බවයි. ආණ්ඩුව හිතාමතාම මැතිවරණ සිතියම අකුලා ඇති බවටද මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කලේය.
යක්කලදී පැවති ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී සංසදයේ මාධ්‍ය හමුවකදී මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේය. මාධ්‍ය හමුවට පෙර ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි සංසදය පිහිටුවීමද මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.
උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා මේ වනවිට විසුරුවා හැර තිබෙනවා. ආණ්ඩුව පොරොන්දු වුනා පළාත් සභා එකම දිනයක පවත්වන්න. සෙසු පළාත් සභාත් ලබන අවුරුද්දේ අපේ‍්‍රල් වන විට වරින් වර අවසන් වෙනවා. නමුත් දැන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය ගැන සද්ද නෑ. ආණ්ඩුවේ අය ඉන්නේ ගොලූවෙක් බේත් බීලා වගේ. මේ ආණ්ඩුව තමයි මෑත කාලයේ සිතියම ඇකිලූ ආණ්ඩුව ලෙස ඉතිහාස ගත වෙලා තියෙන්නේ.
රනිල් මෛත්‍රී ආණ්ඩුව පන්නන්න කියාගෙන ආපු 16 දෙනාගෙන් සමහර අය කියනවා ඉදිරි මැතිවරණ තරඟ කරන්න ඕනෑ ශ්‍රී.ල.නි.ප. ප්රමුඛ සන්ධානයකින්ලූ. බම්බුව තමයි. දැන් ශ්‍රී.ල.නි.ප. දියවෙලා ඉවරයි. අපි ඊළඟ පළාත් සභා මැතිවරණය විතරක් නෙමෙයි ජනාධිපතිවරණය හා මහ මැතිවරණයත් තරඟ කල යුත්තේ පොහොට්ටුවෙන් පමණයි.
ප්‍රධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා
අද මෛත්‍රී ළඟ ලඟින ගමන් ආණ්ඩුවක් හදන්න ඇවිත් මහින්ද ගුණ වයන සමහර උදවියගේ ඇත්ත උවමනාව ආණ්ඩුව පෙරලන එක නෙමෙයි. පොහොට්ටුව දෙකඩ කිරීම අද බැසිල් රාජපක්ෂ මහත්තයටයි, ප්‍රසන්න රණතුංග මහත්තයාටයි මඬ ගහන්නේ ඒකයි. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර අයත් මේකට අහුවෙලා. අපි මේකට දැඩි ලෙස විරෝධය පල කරනවා. අපි ඉල්ලනවා 16 දෙනාගේ කල්ලියෙන් මෛත්‍රීගේ සාක්කුවට ආපහු වැටිලා තමන්ගේ දේශපාලන ගමනට නැවතීමේ තිත තියාගන්නේ නැතිව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කියලා.
පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර මහතා
එදා අපි පොහොට්ටුව හදනකොට අද ඔය 16 කල්ලියේ ඉන්න සමහරු ඇහුවා පොහොට්ටුව පක්ෂයක්ද කියලා. මම පැහැදිලිව කියන්න කැමතියි. දැන් ශ්‍රී.ල.නි.ප. තමයි මේ රටේ ජරාජීර්ණ දේශපාලන පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ. ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී ගාව තිබුණට ශ්‍රී.ල.නි.ප. හදවත තියෙන්නේ, ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් ඉන්නේ මහින්ද මහතා සමගයි. මේ නිසා අපි ආයෙත් වෙනත් පක්ෂ වලින් තරඟ කරන්න සූදානම් නෑ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගුණසිරි ජයනාත්, ලක්ෂමන් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ද මෙහිදී කථා කලේය.
– ප්‍රදීප් අනුර කුමාර
16 කණ්ඩායමට උන්ගේ ගෙදර චන්ද ටික වත් නෑ.
චන්ද නැති පබයින් කියන දේවල් ඇහුවොත් පොහොට්ටුවටත් කෙල වෙනවා.
පොහොට්ටුවෙන් වැඩක් කල හැකි කෙනෙක් දැම්මොත් කොහොමත් දිනනවා.
එහෙම එකේ චන්ද වැඩි කරගන්න කියලා දගලන්න අවශ්‍ය නෑ.
වැඩ කරලා ඔප්පු කරපු ගෝඨාභයට ජනතාව ඉතා කැමතියි.
නමුත් හොර මැති ඇමතිලා අතර ගෝඨාභය එතරම් ජනප්‍රිය නෑ.
කෙසේ වුවත් චන්ද ලැබෙන්නේ මැති අමතිලාගෙන් නොව ජනතාවගෙන් බව මහින්ද දැනන ගත යුතුයි.
ජනාධිපති තෝරන එක ජනතාවගෙන් ඉවත් කර හොර මැති ඇමතිලා අතට දෙන 20 විවස්තාව ගෙන එන්නේ ගෝඨාභය වැනි රටට වැඩක් කල හැකි පුද්ගලයෙක් පත් වෙන එක වැළැක්වීමේ අරමුණෙන් බව සියල්ලන් අවබෝධ කර ගත යුතුයි.
Well said, that the government had been on holiday for sale and rent
100% එකඟයි
Jayawewa!
Re wetuna wale dwaltath wetenna ona ne.
16 කල්ලියක් ඇඟේ දා ගෙන පොහොට්ටුව දෙකඩ විය යුතු නැත…!
උන්ට යූ ඇන් පී එකට හෝ ශ්‍රී ලංකා එකේම ඉන්න කියමු…..!!
ජනතාව පැහැදිළි තීරණයක් දී ඇත….!!!
ජනතාවගේ තීරණයට පරිබාහිරව තීරණ ගන්න හිතන්න එපා……!!!!