16 කණ්ඩායම දෙදරයි.. කොටසක් ජනපති සමග සාකච්චා.. කොටසක් ඒකාබද්දයට එක්වෙයි..
June 14, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රි ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම සාකච්චාවක් අද පැවැත්වෙයි.
ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්චාව 16 කණ්ඩායමේ කිහිප දෙනෙකු විසින් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් විසින් දන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ගමනක් යාමට ජනාධිපතිවරයා සූදානම්ද නැද්ද යන් සම්බන්දයෙන් ස්ථිර අදහසක් නැතිව මෙවන් සාකච්චා පැවැත්වීමෙන් සිදුවන්නේ තම පිරිස තව දුරටත් ආණ්ඩුවේ කොටසක් යයි සමාජය හමුවේ පෙනී යාම බවයි.
මේ අතර වාර්තා වන්නේ 16 කන්ඩායමේ කිහිප දෙදෙකුම ඒකාබද්ද විපක්ෂය සමග පාර්ලිමේන්තුවේදී එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි.
ඒකාබද්ද විපක්ෂ මන්ත්රී කණ්ඩායම් හමුවලට තමන්ද සහභාගී කරවා ගන්නා ලෙස ඔවුන් විසින් දැනටමත් ඉල්ලීම් කර ඇත.
මෛත්රීපාල සිරිසේන මහතා තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලන විරදකය ඇතිද නැද්ද යන්න ස්ථිරව දැන ගත යුතුව ඇති බවත් ඒ සදහා ලැබෙන පිලිතුර මත තම ඉදිරි ගමන තීරණය වනු ඇති බවත් 16 කණ්ඩායමේ වැඩි පිරිසක් විසින් පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායකට දන්වා ඇතැයිද දැනගන්නට ඇත.
පව් අසරණයෝ !! යන එන මං නැතිව අනාත සාගරේ. පච වෙයි. කිච වෙයි.
සිරිසේන දාල එන්ඩ බැරුව ඇති . අනේ පව් දෙපිටකාට්ටුවෝ .