‘16 කණ්ඩායම’ බුදු වුනත් මට කමක් නෑ..- විමල්

June 8, 2018 at 10:52 pm | lanka C news
‘16 කණ්ඩායම’ බුදු වුනත් මට කමක් නෑ..- විමල්

ආණ්ඩුව සතු 2/3 බලය අහෝසි කිරීමේ ප‍්‍රධානතම අවිය ශ‍්‍රීලනිප 16 කණ්ඩායම බවත් එම 16 දෙනා හරියට වැලදගත්තොත් ඉතිරි තවත් 5-6ක් ගලවා ගත හැකි වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ‍්‍රීලනිප 16 කණ්ඩායමට ගහන්න ගහන්න සිදුවන්නේ ආණ්ඩුවට 2/3 අහිමි කිරීම සදහා උවමනා කරන මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය අහිමි කර ගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව පාර්ලිමේන්තුව තුල බහුතරයද පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කර ජනාධිපතිවරණයක් කැදවා රටට මේ ඇතිව තිබෙන අස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කල යුතු යයිද ඒ මහතා පෙන්වා දෙයි.

රටට ඒ සුගතිය ඇති කර 16 කණ්ඩායම බුදු වුනත් තමනට ප‍්‍රශ්ණයක් නැති බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති ‘රටට හතුරු 20 එපා’ විරෝධතා සමුළු මාලාවේ ආරම්භක සමුළුව අමතමිනි.

251 views

18 Comments to “‘16 කණ්ඩායම’ බුදු වුනත් මට කමක් නෑ..- විමල්”

  1. Open mind says:

    ස්තුතියි…..බුදු බව ලැබීමට කෙටි මගක්….?

  2. Pixa says:

    Very correct
    Way forward

  3. Kamal says:

    දෙව්දත් 16 දෙනා අපායෙන් ගොඩ ගැනීම විමල්ගේ උත්සාහයට ජය. නමුත් උන් 16 දෙනා නිවන් දකීවිද?

  4. polonnaruve wije says:

    16 ද්‍රොහීන් රජකරවන්න හැදුවට අර්ජුන් මහේන්ද්‍රන්වයි, අර්ජුන් ඇලෝසියස් වයි මහණකර ගන්නවත් එපා ලොක්කා…

  5. sithmal says:

    පිස්සෙක්.. ආණ්ඩුවට 3න් දෙකක් තියෙනවලු. රට අස්තාවරලු.

  6. Palitha says:

    පිස්සෙක්…..!!!

  7. Palitha says:

    අංක එකේ ජනාධිපති සමග ඩබල්දාල කරත්තෙ අදින්න පුලුවං පිස්සෙක් …..!!!

Main News