16 කණ්ඩායම බෙදෙයි.. කොටසක් ශ‍්‍රීලනිප සමළුවට යයි.. පිරිසක් නොයයි..

August 19, 2018 at 1:20 pm | lanka C news
16 කණ්ඩායම බෙදෙයි.. කොටසක් ශ‍්‍රීලනිප සමළුවට යයි.. පිරිසක් නොයයි..

මෑතකදී ආන්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමෙන් කොටසක් එන මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සමුළුව සඳහා සහභාගී වීමටත් අනෙක් පිරිස සහභාගී නොවීමටත් තීරණය කර ඇත.

ඊට සහභාගී නොවන පිරිස මේ වන තෙක් ඔවුනගේ ආසනවල ශ‍්‍රීලනිප බල මණ්ඩල කැදවා නැත.

සමුළුව සදහා සහභාගී නොවනු ඇතැයි වාර්තා වන්නේ අනුර යාපා, ජෝන් සෙනවිරත්න, ලක්‍ෂ්මන් යාපා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිලමේ, තාරානාත් බස්නායක ඇතුළු පිරිසකි.

ආසන බල මණ්ඩල මේ වන විට කැඳවා ඇති එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, සුමේධා ජයසේන, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යන පිරිස ඊට සහභාගී වනු ඇති බවද සදහන්ය.

36 views

6 Comments to “16 කණ්ඩායම බෙදෙයි.. කොටසක් ශ‍්‍රීලනිප සමළුවට යයි.. පිරිසක් නොයයි..”

  1. John the baptice says:

    ශ්‍රීලනිප සමුළුව සඳහා සහභාගී වීමට යන අය ගමට ගන්න එපා 2019 දී මුන්ට පාඩමක් උගන්වමු

    • Asaranaya says:

      මුනුත් ආසයි භයයි, මුන්ට කක්කයි හුජ්ජයි දෙකම පිටවෙනවා භයටම

  2. Nim says:

    POHOTTUWA
    BIHI WUYEE NIKAMMA NOWA
    SRI LANKA WE BAHUTHARAYA
    JANATHAWA GE HADA WATH THULA
    ME BALAPOROTHUWA SAMAGA
    WEHILU KARANA
    ME ALI OLU A PATHHA TAMA
    THALLU KARA
    BAHUTHARA JANATHAWA GE
    HADA GASMA TA JAYAWEWA.

  3. Saradiel says:

    එකට කා බී එකට සිටිනා
    මිනිසා ම වේ පරම හතුරා
    වංකකම සැමදාම දිනනා
    බොරුව රජයන දවස කවදා

  4. david milibanda says:

    nehe nehe…. mekata sahabagi wenna o’nay.
    O’keth balaya alla ganna o’nay.

  5. Samuvel says:

    අනේ යන්න. ඔයාල නැත්නම් ස්‍රිලනිස පක්ශේ සම්මේලනය සාර්තක වෙන්න තිබුනෙ නෑ කියල තර්කයක් හරි ගේන්න පුලුවන්නේ. හරි වැරෙද්ද පසෙක ලා කොයි පැත්ත උඩ යයිද අපි ඒ පැත්තේ කියන්න ඉන්න කට්ටියට තමයි ඔය කිවුවේ.