16 කණ්ඩායම විසුරුවා හරී.. අවසන් හමුව හෙට..

June 30, 2018 at 3:00 pm | lanka C news
16 කණ්ඩායම විසුරුවා හරී.. අවසන් හමුව හෙට..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම හෙට දිනයේ අවසන් වරට රැස්වී ඒකාබද්ධ විපක්‌ෂයට එක්‌වීම ගැන තීන්දුවක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි.

සදුදා දිනයේ ඒකාබද්ද විපක්‍සයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීම සදහා සහභාගී වන ලෙසට මෙම කණ්ඩායමට ආරාධනා ලැබී ඇති බවත් එනිසා කණ්ඩායම රැුස්වී අවසන් තීරණයක් ගන්නා බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

කණ්ඩායමට තව දුරටත් මෙසේගමන් කිරීමට නොහැකි බවත් එක් කණ්ඩායමක් ලෙසද ඉදිරියට කටයුතු කල යුතු බවත් පවසන ඒකනායක මහතා වෙනත් මත දරන අය සිටී නම් ඔවුනට එම මතය දරන්නට ඉඩ දී සෙසු පිරිස තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට කණ්ඩායමේ බහුතරය එක් මතයක සිටින බවත් සෙසු ඵීරිසද ඊට එක්වනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කලේය.

173 views