16 කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් එලවා දමයි..

September 3, 2018 at 3:00 pm | lanka C news
16 කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් එලවා දමයි..

ආණ්ඩුවේ ඇමති ධුර අතහැර විපක්‍ෂයට එක්වූ ශ‍්‍රීලනිප 15 දෙනා පක්‍ෂයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

මේ ක‍්‍රියාවලිය පසුපස සිටින්නේ එජාපයේ උවමනාව වෙනුවෙන් වැඩ කරන ශ‍්‍රීලනිපයේම පිරිසක් යයිද ඔහු සදහන් කලේය.

මෙම 15 දෙනාගේ කණ්ඩායමට ශ‍්‍රිලනිප සංවත්සරයට ආරාධනා නොකිරීමට තීරණය කර ඇත්තේ එම සැලසුමේ එක් පියවරක් ලෙස යයිද ඒ මහතා පැවසීය.

ශ්‍රීලනිපය වහා ආණ්ඩුරවෙන් ඉවත් විය යුතු යයි පාක්‍ෂිකයන් දැඩිව කියා සිටියත් එජාපය සමග කටයුතු කරන කිහිපදෙනකු ඊට ඉඩ නොදෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

104 views

2 Comments to “16 කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් එලවා දමයි..”

  1. Gamarala says:

    Mun 16 must kick out from SLFP and not to take in to pohottuwa.MUN SERAMA AWAJATHAKA PARAYO.

  2. Gayantha says:

    Prathipaththiyak naithi mun tikata yana enaman naithu karanna ona.

Main News