16 කණ්ඩායම සමග තවත් ශ‍්‍රීලනිප තොගයක් එක්වේ.. විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස ඉහලට…

April 17, 2018 at 10:00 am | lanka C news
16 කණ්ඩායම සමග තවත් ශ‍්‍රීලනිප තොගයක් එක්වේ.. විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස ඉහලට…

ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර අතහරින ලද 16 දෙනා මීලග පාර්ලිමේන්තු සැසියේදී විපක්‍ෂයට එක්වීමත් සමග දැනට ඇමති ධුර දරන තවත් ශ්‍රීලනිප පිරිසක් විපක්‍ෂයට එක්ව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන පවසයි.

මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ මීලග සැසිය ඇරඹෙන දිනයේදීම තමන් ඇතුළු 16 දෙනාමත් විපක්‍ෂයේ අසුන් ගන්නා බව ඔහු සදහන් කරයි.

විශ්වාසභංග යෝජනවේදී ඡන්දය නොදුන් ශ‍්‍රීලනිප මැති ඇමැති පිරිසක්‌ද තම කණ්ඩායම හා එක්‌වන බැවින් විපක්‍ෂයේ හිඳගන්නා පිරිස වැඩි පිරිසක් වනු ඇතැයිද ඔහු කියයි.

ජනාධිපතිවරයා හෙරට පැමිණි පසු ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්‌වන බවත් ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එහිදී අනුමැතිය ලැබෙනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කීවේය.

56 views