16 කණ්ඩායම සමග හතර වටේ කරක්ගසා ආපසු ඩාලි පාරේ නැවතුනු දයාසිරි ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?

July 3, 2018 at 10:41 pm | lanka C news
16 කණ්ඩායම සමග හතර වටේ කරක්ගසා ආපසු ඩාලි පාරේ නැවතුනු දයාසිරි ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට පත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රීලනිප නිලධාරී හමුවටද දයාසිරි ජයසේකර මහතා සහභාගී වූ අතර ඊයේ පැවති ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවට ඔහු සහභාගී නොවීය.

ඊයේ දිනයේදී දයාසිරි ජයසේකර මහතා සහ ඇමති මහින්ද සමරසිංහ ශ‍්‍රීලනිප සම මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙසද පත් කර ඇත.

මේ අතර එළැඹෙන 07 වැනිදා දයාසිරි ජයසේකර මහතා විසින් පඩුවස්නරව ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලයද කැදවා තිබේ.

මේ සම්බන්දයෙන් මාධ්‍ය කල විමසිමේදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ තම නව තනතුර ගැන මෙතෙක් දැනුවත් නොමැති බවත් තමන්ගේ ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග ගැන ඉදිරියේදී පැහැදිලි කිරීමක් සිදු කරන බවත්ය.

72 views
Main News