GSP+ අදාල අපේ අපනයනයෙන් 17%කටයි.. 83%ක් අපනයනය කරන්නේ යුරෝපා හවුලෙන් පිටටයි.. – මහ බැංකු වාර්තා කියයි..

October 23, 2016 at 6:48 pm | lanka C news
GSP+ අදාල අපේ අපනයනයෙන් 17%කටයි.. 83%ක් අපනයනය කරන්නේ යුරෝපා හවුලෙන් පිටටයි.. – මහ බැංකු වාර්තා කියයි..

අපේ රටේ අපනයනය වසරකට ඇ ඩොලර් බිලියන 11 ක් වන අතර එයින් බිලියන 2 ක් ප්‍රමාණයක් පමණක් වර්තමාන යුරෝපා හවුලේ රටවල්වලට යැවෙන බව මහාබැoකුවේ වාර්තාවලින් පැහැදිලිය.

මුලින් එක්සත් රාජධානිය යුරෝපා හවුලේ රටක් වුවත් මේ වනවිට එක්සත් රාජධානිය පසුගියදා පැවති ජනමත විචාරනයෙන් ඉන් ඉවත් වුනි. අප අපනයනය කල ප්‍රධාන රටවලින් දෙවෙනි විශාලතම අපනයනය සිදු වුනේ එක්සත් රාජධානියටය. එය සමස්ථ වාර්ෂික අපනයනයනයෙන් 9.87%කි. ඇමරිකාව අපගේ ලොකුම අපනයන වෙළෙඳපොළ වන අතර සමස්ථ වාර්ෂික අපනයනයනයෙන් 26.83% එරටට අපනයනය කරයි.

කොන්දේසි රාශියකට යටතේ නැවත ජිඑස්පී සහනය ශ්‍රීලංකාවට ලැබුනත් එය අප අපනයනයෙන් 17% කට පමණ පමණක් බලපායි.

එබැවින් මේ දිනවල ඉතා ඉහළින් යුරෝපා හවුලේ රටවල් සමඟ නැවත ජිඑස්පී සහනය ලබා ගැනිමට ගන්නා උත්සහය යම්කිසි ප්‍රමාණකය වාසියක් මිස සමස්ථ අපනයනයට එය එතරම්ම බලපෑමක් ඇති කිරීමට තරම් විශාල වෙළෙඳපොළක් නොවන බව නොවන බව මහ බැංකු හා රේගු වාර්තා සහතික කරයි.

එමෙන්ම 2015 වසරේ අපනයනය 2014 වසරට වඩා 5% අඩුවීමක්ද පෙන්නුම් කරයි.

0001 0002 0003

190 views
Main News