අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.. කවදාවත් බොරු කියලා නෑ..- රාජිත

January 14, 2018 at 4:40 pm | lanka C news
අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.. කවදාවත් බොරු කියලා නෑ..- රාජිත

බේරුවල පළාත් පාලන මැතිවරණයේ දී බේරුවල නගර සභාවට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ ජන හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ. අතීතයෙත් බොරු කියලා ඡන්දේ ඉල්ලුවෙත් නැහැ. හැබැයි මෙවර පළාත් පාලන මැතිවරණයට බේරුවල ආසනය සදහා ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම බොරු ප්‍රචාර ඉදිරිපත් කරනවා. එම කණ්ඩායමේ ඉන්නවා බේරුවල හිටපු නගරාධිපතිවරයා. ඔහු ජනතාවට සේවය කළේ නැහැ. මැණික් වෙළෙද ව්‍යාපාරයේ තමයි නිරතව සිටියේ. විදේශගතව සිටියේ.

මම මුස්ලිම් ජනතාව සමග ඒකාබද්ධව කටයුතු කරන විට සිංහල බෞද්ධ ජාතිවාදීන් මට පහර ගැසුවා. මම ඒවාට බය වුයේ නැහැ. එහි වැදගත්කමකුත් නැහැ. බේරුවල නගර සභාවට ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් එවැනි තීන්දුවක් ගත්තේ මුල්‍ය ලාභ මතයි. ඔවුන් පක්ෂ මාරු කළෙත් එවැනි ලාභ මතයි.

පසුගිය රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බේරුවල ප්‍රදේශයේ බිංකුණ්ඩන්ටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදුන්නා.

හිටපු ජනාධිපතිනිය බේරුවලට පැමිණි අවස්ථාවක දී කෑම කන විට ප්‍රහාරයක් එල්ල කළා. කෑම කන විට ප්‍රහාරයක් එල්ල කරන්නේ මොන රටේ ද? කාටවත් කෑම කනකොට ගහනව ද? හැබැයි මෙම බිංකුණ්ඩන් එවැනි ප්‍රහාරයක් එල්ල කළා.

දැන් සංසාරයකට පිපෙන්නේ නැති මලක් පිටුපස යනවා. ලංකාවේ පිපෙන මල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් ඔවුන්ට කරුමෙට හම්බ වුනේ පිපෙන්නේ නැති මලක්. වර්තමානයේ ලැබූ නිදහස භාවිත කරලා අපට පහර ගහනවා. නමුත් අපි ඒවාට බය වන්නේ නැහැ.

දේශපාලන පක්ෂවලට බෙදිලා ගහ මරා ගත්ත කාලය ඉවරයි. නව දේශපාලන සංස්කෘතියක් සාදාචාරයක් අපි බිහි කර තිබෙනවා. රාජ්‍ය සේවාව, පොලිස් හා අධිකරණ සේවා දේශපාලනයෙන් ඉවත් කර තිබෙනවා. අපේ රජයේ ඉන්න සමහරුන්ට මෙම රජය සිහිනයක්.

අපි බෙල්ල දීලා තමයි මෙම රජය බිහි කළේ. අමාත්‍යවරුන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා. රජය පිහිට වූයේ ජනතා යහපතටයි. එම නිසා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අපි ආරක්ෂා කළ යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරී

9 views

19 Comments to “අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.. කවදාවත් බොරු කියලා නෑ..- රාජිත”

  1. යම රජ්ජුරුවෝ says:

    මම බලා ගෙනයින්නේ. ලෝදිය හැලිය උනුකරලා බලන් ඉන්නේ වරකෝ.

  2. Ranji says:

    “ATHTHA” kiyana wachane therumawath moo danne nehe.ekai ohoma kiyanne. ganan ganna epa.

  3. Clive says:

    මේකා බොරු කියල නැත්නම්… රිලව් – වඳුරො කවදාවත් ගස් නැගලත් නැතිව තියෙන්න ඔනි….!!!

Main News