බැඳුම්කර වාර්තාවේ පිටු අතුරුදහන් වීම ගැන ආණ්ඩුව නිහඬයි.. ඒවා සැගවීමට ජනාධිපති ලේකම් කවුද..

January 23, 2018 at 8:40 am | lanka C news
බැඳුම්කර වාර්තාවේ පිටු අතුරුදහන් වීම ගැන ආණ්ඩුව නිහඬයි.. ඒවා සැගවීමට ජනාධිපති ලේකම් කවුද..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

2018 ජනවාරි 03 දා සහ ජනවාරි 17 අතරතුර කාලයේ දී බැඳුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන් වී ඇති බව පසුගිය 18 දා අපි රටට හෙලි කළා.  ජනාධිපතිතුමා ජාතිය ඇමතූ අවස්ථාවේ වාර්තාවේ පිටු 1257ක් තිබෙන බව ප්‍රකාශ කළත් අන්තර්ජාලයට මුදා හැරිය වාර්තාවේ ඇත්තෙන්ම තිබෙන්නේ පිටු 1,154යි. අපි මේ පිළිබදව රටට හෙළි කලේ පසුගිය 18 වෙනිදායි.  අද 22 දා.  නමුත් මේ දක්වා ආණ්ඩුවේ කිසිම නායකයෙක් මේ පිටු 103ට කුමක්ද වුණේ  කියා රටට පැහැදිලි කලේ නෑ.  ඒක අද රටට බලවත් ප්‍රහේලිකාවක්.

මේ පිටු ඉවත් කලේ ඇයි? මේ ඉවත්කල පිටුවල සදහන් වුයේ  පිටුවල සඳහන් වුණේ අගමැතිතුමා ගැන ද? රවි කරුණානායක මන්ත්‍රිතුමා ගැන ද? කියන සත්‍යය මේ රටේ ජනතාව දැන ගත යුතුයි.

වාර්තාවේ අඩංගු සංවේදි කරුණු ජනාධිපති ලේකම් විසින් නීතිපති උපදෙස් ලබා ගන්නා තුරු ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ නිසා පිටු 103ක් අඩු වුණු බව කලම්බො ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.  ඒ කතාව ඇත්ත නම් තත්වය වඩාත් භයානකයි.  යම් සංවේදි තොරතුරක් තිබෙනවා නම් ඒවා සපයන ආයතන විසින් ඒවා ප්‍රසිද්ධ නොකරන මෙන් ඉල්ලා සිටිය යුතුයි.  නැතිනම් කොමිසම විසින් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සිටි කොමිසමක් විසින් වාර්තාවට ඇතුළත් කිරීමට තීරණය කළාට පස්සේ ඒවා ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කිරීමට ජනපති ලේකම් කවුද?  මම දන්න ඔස්ටින් ප්‍රනාන්දු මහතා නම් කවදාවත් එවැනි පන්ඩිත වැඩක් නොකරන බව මට විශ්වාසයි. ඒ නිසා ආණ්ඩුව වහාම කළේ කුමක්ද උනේ මොක්කද කියලා රටට හෙළි කළ යුතුමයි.

– අරවින්ද අතුකෝරල

24 views
Main News