අකුලගෙන පලයවු.. ඉඩම් දියවු.. මුලතිව් යුදහමුදා කඳවුර ඉදිරියේ විරෝධතා..

March 4, 2018 at 12:40 pm | lanka C news
අකුලගෙන පලයවු.. ඉඩම් දියවු.. මුලතිව් යුදහමුදා කඳවුර ඉදිරියේ විරෝධතා..

මුලතිව් කේපපිලව් ප්‍රදේශයේ නැවත පදිංචිට පැමිණි වැසියන්ගෙන් ඉඩම් නොලැබුනු හෙයින් එම ඉඩම් ලබා දෙන්නැයි ඉල්ලමින් සිදුකල උපවාසයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (03) කේපාපිලව් යුද හමුදා කඳවුර ආසන්නයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

කේපාපිලව් ප්‍රදේශයේ උපවාසයේ නිරත වැසියන් විසින් විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවන්ට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එස්.සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්දරාසා ඇතුලු පලාත් සභා මැති ඇමති වරුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
විරෝධතාවයේ නරත වූවන් කියා සිටියේ,

‘මේ වන විට කේපාපිලව්හි නැවත පදිංචියට පැමිණි වැසියන්ට රජය විසින් ලබා දුන් ඉඩම් වලට අමතරව තවත් පවුල් 104 කට අයති ඉඩම් අක්කර 181 ක් නොලැබීම හේතුවෙන් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් යන තුරු පිලිගත හැකි විසඳුමක් නොලැබීඹ තුලින් එම ජනතාව දැඩි අසරණ තත්වයකට මුහුණ පා ඇති හෙයින් ජාත්‍යන්තරය හෝ මැදිහත් වී මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු බවටයි

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views

9 Comments to “අකුලගෙන පලයවු.. ඉඩම් දියවු.. මුලතිව් යුදහමුදා කඳවුර ඉදිරියේ විරෝධතා..”

  1. Love nature says:

    සිංහලයන් උතුරේ පදිංචිවීමට එරෙහිව උතුරේ දේශපාලනඥයෝ කටයුතු කරත්. මෙය දැනට වසර 60ක පමණ කාලයක සිට ඔවුහු ඉතා සාර්ථක ලෙස කරගෙන යන්නකි.

    කණගාටුවට කරුණ වන්නේ දකුණේ නායකන් උතුරේ දේශපාලනඥයන්ගේ මෙම ජාතිවාදී වැඩපිළිවෙලට ඉඩ දී බලාසිටීමය.

  2. lion says:

    උතුරු නැගෙනහිර කැලෑ වල ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් අදද හමුවේ, දක්නට ලැබේ.

    1948දී ශ්‍රී ලංකාව නිදහස ලබද්දී උතුර සහ නැගෙනහිර ශ්‍රී ලංකාවේම කොටසක් ලෙසට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු පිළිගත්හ. පාකිස්ථානය බිහි කලාක් මෙන් උතුර (සහ නැගෙනහිර) වෙන් කර වෙනම ද්‍රවිඩ රාජ්‍යක් තනා ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට ඔවුන්ට කිසිම උවමනාවක් නොවිය. එවකට සිටි ද්‍රවිඩ නායකයන් එවැනි ඉල්ලීමක් බ්‍රිතාන්‍යයන්ගෙන් නොකළහ. මන්ද, එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප වන බව ඔවුන් ඉතා හොඳින් දැනසිටි නිසාය.

  3. Love nature says:

    උතුර තුල යම් දිනක ‘සිංහල වැල්ලවත්තක්’, ‘සිංහල කොටහේනක්’ බිහි වුවහොත් රට සංහිඳියාව අතින් උපරිම ප්‍රථිපල ලබා ඇතැයි අපට එදිනට ඉමහත් අභිමානයෙන් යුතුව කිව හැකි වේ. කිලිනොච්චියේ සහ මුලතිවු වල මෙවැනි සිංහල ජනාවාස 2ක් ඇති කිරීමට මධ්‍යම රජය සහ රටට අවංකව ආදරය කරන උතුරු දේශපාලනඥයන්ට ක්‍රියා නොකර සිටීමට කිසිම හේතුවක් නැත.

  4. lion says:

    උතුරේ දැනට සිටින්නේ සිංහලයන් 746 ක්‌ හා මුස්‌ලිම් ජාතිකයන් 1800 ක්‌ යෑයි රජයේ ආරංචි මාර්ග ඊයේ (6 දා) පැවසීය.මෙයට පෙර උතුරේ සිංහලයන් 30,000 ක්‌ ද මුස්‌ලිම් ජාතිකයන් 10000 ක්‌ ද සිටි අතර කොටි සංවිධානය විසින් ඔවුන්ව පන්නා දමා දේපළ පවරාගෙන තිබේ.මෙලෙස පැන්නූ පිරිසගේ දේපළ කොටි හිතවාදීන් විසින් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන ඇත

  5. Sri Lankan says:

    Me haththa koheda ethakota mechchara kal hitiye? Boruwatath ekka oppu hadagena enawa athi.

    Patuwu gahanawane ammapa.

    Sinhala minissuntath idam diyawu. Anna ethakota sinhala+tamil okkoma ekata innakota thamai niyama sanhidiyawa enne.

  6. SUNIMAL says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

  7. lion says:

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 6215 ක් ද උඩරට සිංහලයන් 3331 ක්ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටදමහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම්ලන්දේසීන් විසින් ආක්රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලනසමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වලගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත්පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේදකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූමලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන්පසුවය.

  8. daminda says:

    dorae galana sannhindiyawa………….

  9. Upali says:

    අපේ මිතුරනී, මගේද උගත් දෙමල මිතුරන් ඇත. ඔවුන් සමඟ මේ ගැන සන්වාදද කර ඇත්තෙමි. මෙහිදී මෙම උද්ගෝශන කරන්නේ කොටි දේශපාලක පිරිසකගේ වුවමනාවට රැස්කරගන්න පිරිසකගෙන් පමනි. බලන්න චායාරූපය දිහා. ඔවුන්ට ඇති අඩුපාඩු ( සින්හල අයටත් එවැනිම ඇත ) විසඳා දෙන්නම් කිවූ පමනින් බයට රැස් වෙන කුඩා පිරිසකි. බුද්දිමත් දෙමල ජනතාව මෙතන නැත. හමුදාව තරම් දෙමල ජනතාවට යුද්දයේ අවසාන අවදියේ සහ පස්චාත් යුද සමයේ මේ කොටි හිතවාදී දෙමල දෙස්පාලුවෝ පිහිට වුයේ නැත.

Main News