අර්ජුන් මහේන්ද්‍රන් සමග Viber, WhatsApp හරහා අගමැතිට කතා කරන්න පුළුවනි… මං විරුද්ද වුණා..- රාජිත රහසක් හෙලිකරයි..

March 5, 2018 at 4:40 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් සමග Viber, WhatsApp හරහා අගමැතිට කතා කරන්න පුළුවනි… මං විරුද්ද වුණා..- රාජිත රහසක් හෙලිකරයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හමුවීමට අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවට නොගිය බවත්, ඔහු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් skype, Viber, WhatsApp වැනි නවින තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරිමට හැකියාව තිබූ බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවට ගොස් ආර්ථික හා වෙළෙද සමුළුවකට සහභාගි වූ බවත්, හිටපු මහ බැංකු අධිපතිවරයා හමුවීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වර්තමානයේ සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා පිළිබදව අදහස් දක්වමින් ද්‍රවිඩ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “දුෂිතයින් සෑම තැනම ඉන්නවා. ජන සමාජය දුෂිත වන විට දේශපාලනඥයින් පමණක් නිර්මල වන්නේ නැහැ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වී සිටිනවා. ඔවුන් එදා දුෂණයට එරෙහිව විවේචන ඉදිරිපත් කළා. නමුත් අද දේශපාලනඥයින් සමග ඉන්නවා. අග්‍රාමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරය අලලා විවිධ මඩ ප්‍රචාර වෙබ් අඩවි වාර්තා කරනවා. මහ බැංකුවේ සිදුව ඇතැයි සැළකෙන බැදුම්කර වංචාව පිළිබද ජනාධිපති විමර්ශණ කොමිසමේ වාර්තාව නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. හිටපු අධිපතිවරයෙකු වන අජිත් කබ්රාල් මහතා බැංකු ක්ෂේත්‍රය පිළිබද සුදුසුකම් නොලත් පුද්ගලයෙකු බව කොමිසන් සභා වාර්තාවල පෙන්වා දෙනවා. නමුත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන විට මම විරුද්ධ වුනා. මොකද අතීතයේ ඔහුගේ ක්‍රියාකළාපය හේතුවෙන්.

මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කරනවා ජනාධිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂා කරනවා කියලා. නමුත් 2015 ජනවරම ලැබූ ජනාධිපතිවරයා එවැනි දෙයක් කරයි කියා මම නම් සිතන්නේ නැහැ. නමුත් සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා පිළිබදව ජනාධිපති වරයා සමග සාකච්ඡා කරනවා. ජනාධිපතිවරයා ඇතුලු පිරිසට පසුගිය රජය පරාජය කිරීම ආශ්චර්යයක්. 2015 ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු එකිනෙක ඉටු කළ යුතුයි. අපට සහයෝගය ලබාදුන් ජනතාව ආරක්ෂා කළ යුතුයි. වෙනත් අය ආරක්ෂා කිරීමෙන් ඵලක් වන්නේ නැහැ.”

– ප‍්‍රසන්න අධිකාරී

16 views

11 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් සමග Viber, WhatsApp හරහා අගමැතිට කතා කරන්න පුළුවනි… මං විරුද්ද වුණා..- රාජිත රහසක් හෙලිකරයි..”

  1. FREE says:

    මූට ආයෙත් චතුරය බොරුවක් ලියල දීල ඒක මූ දෙනෝදාහක් මැද්දෙ විලි ලැජ්ජ නැතුව කියවනව​. ඇත්තටම මූ චතුරයගෙද​?නැත්නම් චතුරය මුගෙද​?
    අනේ ,දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො.

    • සුදා says:

      යකෝ එහෙනම් අපේ අගමටියා හොර රහසේ තමුන්ගේ ගජ මිත්‍රයා අර්ජුන් මහේන්ද්‍රන් ට වයිබර් තාක්ෂණයෙන් හැමදාම කතා කරලා තත්ත්ව වාර්තාවක් දෙනවා ඇති .හැබැයි කියන්නේ මිනිහා අල්ල ගන්න බෑ කියල රෑට රෑට හැමදාම අරුජුන් එක්ක රනිල් වයිබර් චැට් .මරු මරු.

  2. Nalaka says:

    yes of course who toppled the country in 2015 through conspire, there was some agreement to be full filled. otherwise they will kick your rulers looters ask.

  3. බන්ඩා says:

    2015 ජනවාරි 8 ලැබිච්ච ජන වරම 2018 පෙබරවාරි 10 වෙනකොට වාෂ්ප වෙලා කියල නොතේරෙන බූරැවෙක් වගේ රාජිතය කතා කරන හැටි. හිටපිය ඊ ලඟ චන්දෙ එනකන් පොහොට්ටුව 50% වැඩිය අරගෙන තොපිව පන්නල දමන්න.

  4. හොරා says:

    දුෂිතයින් සෑම තැනම ඉන්නවා. බලන්න මන් දිහා

  5. R says:

    All Pacha.

  6. Ratawasiya says:

    Adu sudusukam thibuna Cabraal ratata watinawa ara praveenai kiyana Arjun horata wada. Meyath prasiddai samahara game walata. Api nodanna live!

  7. Saradiel says:

    මහජන මුදල් අයථ ලෙස පරිහරණය කල රාජිත ඉල්ලා අස් කරවමු.

  8. චංඳයට පෙර මහාසාක්‍ය පචදෙසාබාමින් දේෂපාලන ජෝකර්වූ තමාගේ ගොන්කතාවලට මිනිස්සු පස්ස පැත්තෙන් සිනාවෙමින් සිටී???

  9. CHANDA says:

    දැන් නම් රටක් තියෙනවද . ආණ්ඩුවක් තියෙනවද නීතියක් තියෙනවද කියල මෙලෝ සංසාරේ දෙයක් තේරෙන්නේ නෑ. යහපලනෙට චන්දය දුන් කාලකන්නින්ට එදා ඉවසීමක් තිබුනානම් ?

  10. nalin says:

    we need to inform the Court that PM can easily do this in order to produce him to Courts since he has given an undertaking about Mahendran. If he cannot, PM should be taken to custody for aiding and abetting.

Main News