18ට වැඩි සියල්ලන්ට ආදායම් බදු ලිපිගොනු ඇරේ.. සියළු ගණුදෙනු නිරීක්‍ෂණය කරයි..

October 16, 2017 at 12:00 pm | lanka C news
18ට වැඩි සියල්ලන්ට ආදායම් බදු ලිපිගොනු ඇරේ.. සියළු ගණුදෙනු නිරීක්‍ෂණය කරයි..

මෙරට වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් බදු ගෙවීමට ඇතුළත් කිරීම සදහා සියුම් පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි වසර දෙකක කාලයේදී රජයේ බදු ආදායම දෙගුණ කිරීම මෙහි අරමුණයි.

මෙහිදී වයස අවුරුදු 18 ඉක්මවු සියලු පුද්ගලයින් වෙනුවෙන් වෙනම ලිපිගොනු ආරම්භ කර ඔවුන්ගේ බැංකු ගණුදෙනු, මිලදී ගැනීම්, ආදායම් වියදම් ආදී සියලු වාර්තා සලකා බලන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ පවසයි.

බිලියන 625ක් වන වර්තමානයේදී රාජ්‍ය බදු ආදායම වසර 2020 වන විට බිලියන 1200ක් දක්වා ඉහල දැමීමට රජය අදහස් කරයි.

110 views

15 Comments to “18ට වැඩි සියල්ලන්ට ආදායම් බදු ලිපිගොනු ඇරේ.. සියළු ගණුදෙනු නිරීක්‍ෂණය කරයි..”

  1. sinhalaya says:

    Oi anduwa nikan higakanne nethuwa..oka lamayekuta deela palayan gedara..thopita karanna barinam mona labbakda karanne.

Main News