18 තෙක් රට වසා දමන්නැයි කියයි…

August 29, 2021 at 3:19 am | lanka C news
18 තෙක් රට වසා දමන්නැයි කියයි…

ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.

ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ. එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.

එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි. ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.

වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.

දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.

වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.

එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.

– lankadeepa

36,621 views

23 Comments to “18 තෙක් රට වසා දමන්නැයි කියයි…”

  1. බටහිරට සිරවී ඉන්නා අය says:

    හෘදයාබාද, දියවැඩියාව වැනි රෝග සඳහා බටහිර වෛද්‍යවරුන් ළග බෙහෙත් ගන්නා අයට කොරෝනා සඳහා දේශීය ප්‍රතිකාර ගැනීමට නිදහසේ හිතන්න පුලුවන්ද?

  2. හදිසි භාවිතය says:

    හදිසි භාවිතය සඳහා නිර්දේශ කළ එන්නත් දුප්පත් රටවලට විදින්න මෙච්චර තදියමක් ඇයි?

    • Roshan says:

      එතකොට ලෝකේ මොන රටේද සාමාන්‍ය භාවිතය සදහා අනුමත කරපු එන්නත් විදින්නේ?????? 😂😂 මොනවාද ඒ සාමාන්‍ය භාවිතය සදහා අනුමත කරපු එන්නත්?? 😂😂😂😂

  3. sira says:

    සිංහල අවුරුදු දවස් වල පාලනයක් කළා නම් අද මිනිස්සු මැරෙන්නෙත් නැහැ, රට වහල තියන්න ඕනෙත් නැහැ, බුරු, අහංකාර පාලකයෝ රටයි ජාතියයි, මිනිස්සුයි ඔක්කොම විනාශ කරනවා.

    • CoolNet says:

      100%. අවශ්‍ය වෙලාවට තීරණ ගන්න බැරි බූරු ආන්ඩුව

    • Man With No Name says:

      ඔව් එහෙනම් බලාගන්න තිබුනා අවුරුදු කන්න දුන්නේ නෑ කියල ආණ්ඩුවට බනින හැටි 😏 වසංගතේ අස්සෙත් උද්ගෝෂණ කරපු අපතයින්ට ඕනෙ හැමදේම වැරදි දකින්න විතරයි.

  4. ගනන් ගන්න එපා says:

    මේ පාපිෂ්ඨයෝ රැල කවුද අපේ ඇමති තුමාට උපදෙස් දෙන්න. පඳුරකට ගලක් ගැහුවත් මේ වගේ උපදෙස් දෙන අය ගොඩක් එලියට එනවා.

  5. Ravana parapura says:

    මුල සිටම හෙළ ඔසු ජනතාවට ලබා දුන්නානම් මේ තත්වයට එන්නේ නැහැ වරද කාගේද?

    • කර්මය says:

      තමුන්නැහැලා ඉන්නේ හීන ලෝකයක.. හෙල ඔසු වට්ටොරු සේරම ඉන්දියන් වට්ටෝරු කොපි.. 😁

  6. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    සමස්ත ජනගහනයෙන් 80 % ක් පමණවත් එන්නත් මාත්‍රා දෙකම ලබාගන්නා තෙක් රට දිගටම වහන්න..

  7. Charles De Alwis says:

    Only permanent remedy for covid 19 is to inhibit replication of virus before it is infected lower respiratory system as vaccines are ineffective cannot control due to ,mutation of virus , mild to moderate patient can be avoided suffering from covid pneumonia by prescribing Favipiravir or Remdesivir

  8. නව වෙෙරස මෙනන්ම නව ත්‍රසස්ථවාදී සංවිධදාන කලඵළිි බැසසිම ඉදිරියේදී.... says:

    නව වෙෙරස මෙනන්ම නව ත්‍රසස්ථවාදී සංවිධදාන කලඵළිි බැසසිම ඉදිරියේදී….
    සියළු ත්‍රස්ථවාදී සංවිධන පිටුපස සිටින්නේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් බව සබුද්ධිකව විචාරබුද්ධිය අවධිකර ගනිමින් ඉතිහාසය ගවේශණය කරමින් අවභෝධ කර ගතයුතු ගැඹුරැ කාරණායි,.! ළෝකවාසිනන් මුළාකිරීමට ඡන මාද්‍යය භාවිතා කිරීම ඡනමාද්‍ය මිලට ගැනීම යනු ත්‍රස්ථ නිර්මාන කරැැවන්ගේ න්‍යායාය පතත්‍රයේම කොටසකි,…!නව වෙෙරස මෙෙනන්ම නව ත්‍රසස්ථවාදී සංවිධදාාන කලඵළිි බැසසිම ඉදිරියේදී ශ්‍රීලාංකිකයන් බලාපොරොත්ත වි සිටිය යුතුයි..!

Main News