58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය දක්වා පෙරටම.. අඩු වයසින් ඉහලම සම්මානයකින් පිදේ..

May 20, 2018 at 6:29 am | lanka C news
58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය දක්වා පෙරටම.. අඩු වයසින් ඉහලම සම්මානයකින් පිදේ..

ත‍්‍රිවිධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශිෂ්ට සේවාව වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ දිනයේ සිදු කෙරින.

යුද හමුදා ලූතිනන් කර්නල් නිලය හා ඊට ඉහළින් සිටින නිලධාරීන් හා ගුවන් නාවික හමුදාවල ඒ සමාන්තර නිලයන්හි 25 වසරක අඛණ්ඩ සේවය හා සේවා ඉතිහාසය විශිෂ්ට මට්ටමේ තිබෙන නිලධාරින්ට පමණක් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම පිරිනමයි.

ඊයේ දිනයේ මෙම පදක්කම දැනට සේවයේ සිටින හා විශ‍්‍රාම ගිය නිලධාරීන් පනස් දෙනෙකු වෙතප‍්‍රධානය කරන ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිටද මෙම සම්මානයන් පිරිනැමින.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද මෙම සම්මානය පිරිනැමීම විශේණ වන්නේ ඔහු මෙම සුදුසුකම් සපුරා ඇත්තේ අඩු වයසකින් නිසාය.

බොහෝ දුරට ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරියේදී හමුදාපති ධුරයටද පත්වනු ඇති බවට ආරක්‍ෂක අංශ සාමාජිකයන් බෙහෝ දෙනෙකු පවසති.

වන්නි මානුෂීය මෙහෙයුමේදී අතිශයින් ප‍්‍රසිද්ධ වූ ‘58 වන සේනංකය’ මෙහෙයවන ලද්දේද ඔහු විසිනි.

213 views