18 සංශෝධනය අතිශයින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි.. ඒකාධිපති නෑ.. ජනාධිපතිවරණයෙන්ම ඔප්පු වෙයි.. ජනපතිගේ ප‍්‍රකාශය පිලිනොගනී…

June 25, 2019 at 6:48 pm | lanka C news
18 සංශෝධනය අතිශයින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි.. ඒකාධිපති නෑ.. ජනාධිපතිවරණයෙන්ම ඔප්පු වෙයි.. ජනපතිගේ ප‍්‍රකාශය පිලිනොගනී…

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

19 වන සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම  ඉවත් කළ යුතු බවට ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා.  සක් පිඹලා හේවිසි ගහලා සුදු පාවඩ දාලා 19 වන සංශෝධනය ධාතු කරඬුවක් වගේ වඩම්මන විට මුළු රටම ඒකත් එක්ක හිට ගත්තා.  නමුත් අපි 19 වන සංශෝධනයට එරෙහිව හුදකලා සටනක් කළා.  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ 19 වන සංශෝධනය අභියෝගයට ලක් කරලා එය එයාකාරයෙන්ම සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා තීන්දුවක් ගන්නත් අපට පුළුවන් වුණා.  නැති නම් 19 වන සංශෝධනය මීට වඩා විනාශයක් රටට කරනවා.  වසර හතරකට පසු 19 සංශෝධනය ගෙනා ජනාධිපතිතුමාම අපේ ස්ථාවරය නිවැරදි බව පිලිගැනීම සතුටුයි.

ජනාධිපතිතුමා 18 වන සංශෝධනය ඒකාධිපති සංශෝධනයක් බවට කළ ප්‍රකාශයට නම් එකඟ වෙන්න බෑ.  18 වන සංශෝධනය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදි සංශෝධනයක්.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම් පුද්ගලයෙකුට  ජනාධිපති ධූරයට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කරලා තිබුණා.  ඒ නිසා කෙතරම් දක්ෂ ජනාධිපති කෙනෙකු වුණත් ජනතාවට එතුමාව තියා ගන්න කෙතරම් වුවමනා වුවත් ව්‍යවස්ථාවෙන් වාර දෙකකට පසු ජනාධිපතිව ගෙදර යවනවා.  ඒ නිසා රට හදා ගන්න තිබෙන ස්ර්වණමය අවස්ථාව අහිමි වෙනවා.

සිංගප්පූරුව දියුණු වුණේ වසර 31ක් අඛණ්ඩව ලි ක්වාන් යූ අගමැති ධූරයේ තබා ගන්න සිංගප්පූරු ජනතාවට පුළුවන් වුණු නිසා.  මැලේසියාවේ උදාහරණය හරිම අපූරුයි.  1981 සිට 2003 දක්වා වසර 23ක් අඛණ්ඩව අගමැති ධූරයේ සිටියේ මහතීර් මොහොමඩ්.  මුළු රටම අඬද්දි මට මහන්සියි කියලා මහතිර් මොහොමඩ් ගෙදර ගියා. ඊට පස්සේ මැලේසියාව වැටෙන්න ගත්තා.  වැටෙන මැලේසියාව යලි නැගිටවීමට මහතිර් මොහොමඩ් යළි පැමිණිය යුතු බවට ජනතාව තීරණය කළා.  ඒ අනුව අවුරුදු 91ක් වුණු මහතිර් 2018 දී යළි අගමැති වුණා.  ලංකාවේ එහෙම කරන්න බැරිව තිබුණේ ජනාධිපති ධූරය වාර දෙකකට සීමා කරලා තිබුණු නිසා.  ඒක ඉවත් කිරීම තමයි 18 වන සංශෝධනයෙන් සිදු වුණේ.

18 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපති සිටිය යුතු ද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවේ.  ජනාධිපති ගෙදර යැවීමේ බලය ජනතාවට ලබා දීම ඒකාධිපති වෙන්නේ කොහොමද?  18 වන සංශෝධනය නිසා මහින්ද මැතිතුමා මැරෙන තුරු ජනාධිපති පුටුවේ සිටීවි කියා සමහරු බොරු බියක් පල කළා.  18 වන සංශෝධනයෙන් පස්සේ මුහුණු දුන්නු පළමු මැතිවරණයෙන්ම බලයේ සිටින ජනාධිපති පරාජය කරලා මේක ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ බොරුවක් බව ජනතාව ඔප්පු කළා.

19 දුටුව ගමන්ම එය රටට අහිතකරයි කියන එක අපි දැක්කා.  එය සම්මත කරන්නට කලින් අප ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා.  එක එක්කෙනාට තේරුම් ගැනීමට ගතවන කාලය වෙනස්. පුංචි කාලේ සමහර බබාලට ගින්දර අල්ලන්න එපා බබෝ කිව්වම ඒ ගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා. තවත් සමහර බබාලා ගින්දර අල්ලන්න ගිහින් රස්නය දැනුනහම ගින්දරට පිච්චෙනවා කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා හිතලා එතනින් අයින් වෙනවා. තවත් සමහර බබාලා ගින්දර අල්ලලා පුච්චා ගත්තට පස්සේ තමයි දන්නේ ගින්දර ඇල්ලුවාම පිච්චෙනවා තමයි කියලා. සමහර අයට අත්දැකීම ලබන්නට ඕන මේක කොච්චර රටට හානිකර ද කියල දැනගන්න. අපි මෙහි ආදීනව මුලින්ම දැකලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමෙන් තමයි 19 ඔය ගානට ගෙනල්ලා රට මේ ගානෙන් හරි බේර ගන්නට අපට හැකියාව ලැබුණේ.

– අරවින්ද අතුකෝරල

275 views

13 Comments to “18 සංශෝධනය අතිශයින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි.. ඒකාධිපති නෑ.. ජනාධිපතිවරණයෙන්ම ඔප්පු වෙයි.. ජනපතිගේ ප‍්‍රකාශය පිලිනොගනී…”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    18 viyawastawa

  2. බන්ඩා says:

    බලයට ආ දා සිට හැම චන්දයක්ම කල් දැම්ම රනිල් සහ සිරිසේන සහ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදීද?

  3. බන්ඩා says:

    ⁣18 ගෙනත්බ වෙලාවට පෙර චන්ද තිබ්බ මහින්දද බලයට ආ දා සිට හැම චන්දයක්ම කල් දැම්ම රනිල් සහ සිරිසේන සහ යහපාලනයද ප්‍රජාතන්ත්‍රවාදී?

    • kawinda says:

      anthima mohotedi me mugda katha karanawaata wadaa america hamudaawa ape ratata bahinna hadana givisuma nawaththana eka wedagath nowanneda..?

  4. P. Chang Hutang says:

    රටක ව්‍යවස්ථාව යනු ජනතාවගේ අයිතිවාසිකම් සපුරා ලන නීති පද්ධතියක් විනා විරුද්ධවාදීන් බලයට ඒම වලක්වන ක්‍රමවේදයක් හෝ විරුද්ධවාදිගෙන් පලිගන්නා ක්‍රමවේදයක් හෝ එක පක්ෂයක් සදාකල් බල්සියේ සිටීමට යොදාගන්නා උප්පරවැට්ටියක් හෝ නොවන බව තකතීරු ව්‍යවස්ථා සම්පාදකයන් හා සංශෝධකයන් තේරුම් නොගැනීම නිසා ජනතා පරමාධිපත්‍යය සම්පුර්ණයෙන්ම කෙලෙසු බහුබූත විකුර්තියක් බවට මෙරට ආණ්ඩුක්‍රම වය්වස්තාව පත්වී ඇත.මෙම විකාර ව්‍යවස්ථාවට අනුව තිස් වරක් ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකුට මැරෙන තුරු ජනාධිපතිවරණවලට ඉදිරිපත් විය හැකි අතර කෙතරම් ජනප්‍රිය වූත් රටට මහගු සේවයක් කළහැකි දක්ෂයෙකු වුත් පුද්ගලයෙකුට තුන් වරක් ජනාධිපතිවිය නොහැක. දක්ෂයන් මුලුගන්වා නිකමුන් බලයට ගෙනවිත් රට විනාශ කරන ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස පිළිගන්නේ කෙසේද?

    • billa says:

      Adhikaranaye ugath (A/L lakunu madivee uni yanna bariuna) vinisuruwo 19 hari kiya theenduwa dunna.

    • බන්දුල says:

      අර වල්ගම කියන්නෙ එයා සීනියර් ජේෂ්ඨයා ඒ හින්දා ජනාධිපති අපෙක්ෂකයා විය යුත්තේ එයා කියල.

  5. අංකූරා says:

    අපේ රටේ සමහරු ප්‍රජාතන්ත්‍රවාදය කියලා හදුන්වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්ත !!. හරිය වැරැද්ද අදුනන්නේ නෑ !.

  6. අංකූරා says:

    අපේ රටේ සමහරු ප්‍රජාතන්ත්‍රවාදය කියලා හදුන්වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්ත !!. හරිය වැරැද්ද අදුනන්නේ නෑ !.
    ඒ හින්දා තමයි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කියලා 19 ගෙනාවේ. අන්තිමට රට අස්ථාවර වුනා . ජනතාවගේ ඡන්ද අයිතිය සීමා වුණා!.

  7. අප්පුහාමිගෙ මුණුපුරා says:

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමනි ඔබ ගැන අප උදම් වෙමු

  8. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ජයම්පතී වික්රමරත්න කියන ගුබ්බඩයා තමයි මේක ගෙනල්ලා සබා සම්මත කරන්න මරාගෙන මැරෙන සටනක හිටියෙ…

  9. භූත බැල්ම says:

    මේ වගේ පාර්ලිමේන්තුවක් තියන රටකට හරියයිද?
    බැංකු මංකොල්ලකාරයෝ දූෂිතයෝ මිනි මරැවෝ ,කුඩු පාතාලයෝ මේතරමට ඉන්න පාර්ලිමේන්තුවක් ලෝකේ කොහේවත් නෑ.රනිල් මහබැංකු හොරා නිදැල්ලේ..ඌ සිංගප්පූරැ යනවා එහෙට පැනගෙන අධිකරණය මගහරිමින් ඉන්න ගෝටවයි අර්ජුන් මහේන්ද්‍රන්වයි බලලා එන්න.එතකොට බැසිල් මල්වාන හොරා.. රටේ අගමැති හා විපක්ෂ නායක දෙන්නම මහ බැංකු හොරැ….විප්ලව කරනවා කියලා බස් ගිනිතියපු මිනීමරපු පොල්පොට් කණ්ඩායම,විජයට වෙඩි තියපු තුවක්කුවේ අයිතිකාරයා ගාමිනි ලොකුගේ.
    ඒ මදිවට 225ම බලය රැකගන්න රටටම දැන් බෝම්බ ගහනවා,ජාතිවාදය අවුස්සනවා.

  10. Open mind says:

    ප්රජාතන්ත්රවාදී 18 ජනතාව ප්රතික්ෂේප කළා.ලී ක්වාන්…මහතීර් වැනි අය තමන් ලඟ සිටි දූෂිතයන් පළවා හැරියා.වෙනස තේරුම් ගන්න බැරි වූවාට 19 පලි නැහැ.

Main News