180කට කොරෝනා.. අවසන් පැය 24දී 04යි.. අද වාර්තාව මෙන්න..

April 7, 2020 at 1:20 pm | lanka C news
180කට කොරෝනා.. අවසන් පැය 24දී 04යි.. අද වාර්තාව මෙන්න..

අද වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 180 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුන නව ආසාදිතයන් 04 දෙනෙකු තහවුරු වූ බවත් පුද්ගලයන් 08 දෙනෙකු සුව වී රෝහලෙන් පිටව ගිය බවත් එම අංශය වාර්තා කරයි.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 132ක් බවද එම අංශය නිවේදනය කරයි.

මේ වන විට රෝගීන් 42 පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇති අතර 06 දෙනකු මරණයට පත්වී තිබේ.

කොරෝනා රෝගීන් යැයි සැක සහිතව රෝගීන් 255 දෙනෙකු රට පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටි.

අද දිනයේ නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තා මෙසේය.

198 views

5 Comments to “180කට කොරෝනා.. අවසන් පැය 24දී 04යි.. අද වාර්තාව මෙන්න..”

  1. Tamara says:

    Well done Sri Lanka. Keep up…

  2. Hydroxiක්ලෝරෝQueen says:

    මේ ආණ්ඩුවේ හරක්ට කොච්චර කියනවද ඔය සැකයි කියන හැම ගමක්ම , ගෙවල් ගානේ හරි ගිහින් ටෙස්ට් කරන්න කියලා. PCR මිල වැඩිනම්
    results delay නම් pool කරලා හරි කරන්න. එහෙමත් බැරිනම් rapid ටෙස්ට් එක හරි කරන්න. Accuracy හොයා හොයා ඉන්න වෙලාවක් නෙමෙයි මේක. අනික තමයි පට්ටියේ හරක් පොලිම් ගහලා කන්න දෙනවා වගේ quarantine කරලා හරියන්නේ නැහැ. නිරෝධායනය ඉවර වෙලා යනකොට කාගේවත් ටෙස්ට් කරලා නැහැ.

  3. Saradiel says:

    180 දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  4. Kadiya says:

    කොරෝනා මරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 3.3%. මේක සැලකියයුතු වැඩි අගයක්. මේ මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ තමුන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර නැති බවත්, රෝගීන් තුල ප්‍රතිශක්තිය වැඩිකරන්න බටහිර වෛද්‍ය ක්‍රමයේ උපක්‍රමයක් හෝ බෙහෙතක් නැති බවත් දැන දැනම වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට බාධා කරන බටහිර වෙද්දු. මේ කුහක අපරාධකරයන්ගෙන් ජනතාව බේරලා දේශීය වෙදකමට රෝගීන් සුව කරන්න ඉඩදෙන එක සෞඛ්‍ය ඇමතිනියගෙයි ආණ්ඩුවෙයි වැඩක්. මුන්ගේ කුහකකම නිසා PCR පරීක්‍ෂා වලට සීමාවල් දමල තියෙන්නේ. ඒ සීමාවල් නැතිනම් පොසිටිව් රෝගියෙක් සුවකරලා නෙගටිව් කියල ඔප්පුකරන්න දේශීය වෙදකමට තියන අවස්ථාව වහලා තියෙන්නේ. බටහිර ඖෂධ මාෆියාවේ සල්ලි වල බලය, ඒ මුදලට පෙරේත කමට බොරු තර්ක දාන උන්, ඇමතිනියටත්, ආණ්ඩුවටත් උඩින්ද ඉන්නේ, තියෙන්නේ?

    • අල්ලපු ගෙදර තිනන් says:

      ලෙඩ වුනු කෙනෙක්. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණොත් මිසක් ඔහොම කරන්න බැහැ. කෙනෙකුගේ ජීවිතයක් එක්ක කොහොම පරීක්ෂණ කරන්නද?

Main News