180,000කට රජයේ රැකියා එන මාසයේදී..

December 15, 2019 at 12:40 pm | lanka C news
180,000කට රජයේ රැකියා එන මාසයේදී..

ලබන ජනවාරි මාසයේ දි උපාධිධාරින් 54,000 ක් රජයේ රැකියා සදහා බදවා ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අමතරව තරුණ තරුණියෝ 130,000 කට රජයේ රැකියා ලබා දීමේ වැඩ පිළිවෙලක් ද ලබන වසර මුල සිට ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රජය දැනටමත් මේ සදහා මුලික කටයුතු ආරම්භ කර ඇති බව පවසන රණතුංග මහතා දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමක් ම ආවරණය වන පරිදි රැකියා 130,000 ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි කියා සිටියේ ය.

මේ වන විට රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියේ බදවා ගැනිම් සදහා ද අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයයන් හයයි දෙකක් සමත්ව තිබීම අනිවාර්ය වී තිබේ. මේ නිසා අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට බැදීමට නොහැකිව ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ද ආරක්ෂා කර ගනිමින් එවැනි අයට රාජ්‍ය සේවයට ද එක් විමට ඉඩකඩ සලසා දිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමට රජය අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කීවේ ය.

රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල දි කිසිදු දේශපාලන භේදයක් නොසලකා අදාළ සුදුසුකම් අනුව විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීමට රජය තිරණය කර ඇතැයි ද රණතුංග මහතා කීවේ ය.

පසුගිය යහපාලන රජය උපාධිධාරින් නොසලකා හැරිය බව පැවසු රණතුංග මහතා උපාධිධාරින්ට රැකියා ලබා දිමේ ක්‍රමවේදයක් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ක්‍රියාත්මක කල බව පෙන්වා දුන්නේ ය. උපාධිධාරින් රජයේ සංවර්ධන වැඩසටහන් සදහා ප්‍රායෝගිකව දායක කර ගැනිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරිණි. රජයේ ආයතනවල පුරප්පාඩු සදහා උපාධිධාරින් බදවා ගැනිම ප්‍රතිපත්තියක් ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සුසංයෝගයෙන් සැදි වත්මන් ආණ්ඩුව ද එම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් උපාධිධාරින් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ වැඩ සටහන දිගටම ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

651 views

8 Comments to “180,000කට රජයේ රැකියා එන මාසයේදී..”

  1. Saman says:

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනි දැන් මේ බඳව ගන්න අයට පින් පඩි ගෙවන්නත් අපෙන් ගන්නවද? නැත්නම් පොහොට්ටුවෙ අරමුදලෙන් ගෙවනවද?

    • sathya says:

      ජෙප්පෙක් කට අරී. රස්සා දීපු එක වැරදිද දැන්

      • dan says:

        ඒ රස්සා වලින් කෙරෙන සේවය මොකද්ද? උබ විතරක් උන්ගෙ පින් පඩි ගෙවනවනම් අවුලක් නෑ.

    • jsk says:

      ටෙලිකොම් ලොක්කට ගෙවුව ලක්ශ 90වෙන් කීදෙනෙකුට පඩි ගෙවන්න පුලුවන්ද. තව ඒ වගේ ජඩපාලන තල්මස්සු කීදෙනෙක් ඉන්නවද ටිකට් කපන්න. නාස්තිය අහස උසට තියෙන ඒව උනත් කපල මේක කරන්න පුලුවං.

      • dan says:

        ජඩපාලන එවුනුත් ඕකම තමා කිව්වෙ. රාජපක්සල හොරකම් කරපුව අරන් රට සංවර්දනේ කොරනව කිව්ව. පව් උබ. 😀 😀

    • SUPUN says:

      Saman umbe ammawa honda gaanakata wikunala padi gewaniawa, umbatath gaanak denawa
      sadda nokara hitapan,

  2. jagath says:

    Trainee Project Assistant job denawada ?

  3. AVPRLakmal says:

    මේ job වලට apply කරන්න මොකක් හරි application එකක් තියෙනවද?

Main News