නුවර කලහයට විරෝධය.. ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න සාකච්චා.. ජනාධිපතිටත් දන්වයි..

March 14, 2018 at 3:00 pm | lanka C news
නුවර කලහයට විරෝධය.. ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න සාකච්චා.. ජනාධිපතිටත් දන්වයි..

මුස්ලිම් ජනතායට සාධාරණයක් ඉටු නොකරන ආණ්ඩුක තව දුරටත් ඇමති ධුර දැරීම තැග මුස්ලිම් ඇමතිවරුන් තීරණයක් ගත යුතුව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහමන් මහතා පවසයි.

නුවර ඇති වූ සිදුවීම ගැන මේ වන තෙක් නිසි පරීක්‍ෂණයක් කර නැති බවත් ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ගය ගැන ආන්ඩුවේ සිටින මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් 21 දෙනා සමග සාකච්චා කරන බවද ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයාද මුණ ගැසී මේ ගැන සාකච්චා කලත් පලක් නොවූ බවත සදහන් කරන මන්ත‍්‍රීවරයා ඇමති ධුරයන්හි සිටීම ගැන ඇමතිවරුන් ඉක්මනින්ම තීරණයක් ගනු ඇතැයිද කියයි.

තමන්ද කලකිරී සිටින බවත් ඔහු වැඩි දුරටත් කීය.

29 views

23 Comments to “නුවර කලහයට විරෝධය.. ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වෙන්න සාකච්චා.. ජනාධිපතිටත් දන්වයි..”

  1. Bandara says:

    උඹලට පයින් ගහල එලෙව්වත් උඹල ආණ්ඩුවෙන් නම් යන්නේ නැත.

    • Rosalin says:

      ඇත්තම තමයි. මේකත් අර පහුගිය ඡන්දෙ දවස්වල එජාප-ශ්‍රීලනිප
      පෙන්නපු අපි තරහයි නාටකය වගේ.

  2. Niru says:

    Well an opportunity for money to talk.

  3. කොයි පැත්ත පෙරලුනත් මං ඇමති says:

    කොයි පැත්ත පෙරලුනත් මං ඇමති ඔයි. ජාති වාදයක් මට නෑ.මටතින්නේ ඇමති වාදය විතරයි.

Main News