EXCLUSIVE : බැදුම්කර මගඩිය ගැන කෝප් සභාපති හා මාධ්‍ය වැරදිකරුවෝ.. ඔවුනට දඬුවම් කල යුතුයි.. – අගමැති රනිල්.. [Video]

October 29, 2016 at 12:01 am | lanka C news
EXCLUSIVE : බැදුම්කර මගඩිය ගැන කෝප් සභාපති හා මාධ්‍ය වැරදිකරුවෝ.. ඔවුනට දඬුවම් කල යුතුයි.. – අගමැති රනිල්.. [Video]

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දින 100 ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජූලි 06 වෙනි දින පාර්ලිමේන්තුව මහ ලේකම් වෙත ලිපියක් යවමින් පවසා සිටියේ අතුරු කොමිටියේ අනුමැතියෙන් තොරව මෙම වාර්තාව මාධ්‍ය වෙත දීම කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර වැරදිකරුවකු කොට දඬුවම් ලබා දිය යුතු බවත් එය ප්‍රචාරය කල මාධ්‍ය ආයතනවලටද දඬුවම් කල යුතු බවත්ය.

නමුත් එදා ඩිව් ගුණසේකර මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති ලෙස එදා පැවසූ දෙය සත්‍ය වී ඇති අතර වෙනසකට ඇත්තේ එදා ඩිව් ගුණසේකර කෝප් කොමිටියේ සභාපති ලෙස එදා එම වාර්තා ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ පාලනය කාලේ පත්වූ සභාපති වීම හා අද එම කරුණ සම්බන්ධයෙන් පරීක්ෂාකොට එම තීන්දුවවම සමාන තීන්දුවක් ලබා දී ඇත්තේ යහපාලන රජය යටතේ පත්වූ පාර්ලිමේන්තුවේ කෝප් කොමිටියේ සභාපති සුනිල් හදුනෙත්ති විසින් වීමයි.

එදා දින 100 ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති වැරදිකරුවකු කොට දඬුවම් පැමිණිය යුතුය කියා පාර්ලිමේන්තුව මහා ලේකම්ට 2015 ජූලි 6 දාතමින් යවන ලද ලිපිය හා මධ්‍ය වෙත කියූ කරුණු පහතින් දැක්වෙයි.

මූලාශ‍්‍රය මෙතනින්

00001 00002

43 views

19 Comments to “EXCLUSIVE : බැදුම්කර මගඩිය ගැන කෝප් සභාපති හා මාධ්‍ය වැරදිකරුවෝ.. ඔවුනට දඬුවම් කල යුතුයි.. – අගමැති රනිල්.. [Video]”

  1. Nareen says:

    AAnduva gena yanne moona balaa pareekshana karana thathvayak. Yana hatiya suba naha.Paakshikayan vashayen naayakathvaye venasak athyaavshya bava penei.

  2. යහ පාලනය ඉල්ලා මේ ආන්ඩුවට කතිරෙ ගැසුනු අත් නොව ගොන් කුර ගෙවෙවා.

  3. Saroja says:

    Mokatada anunta danduwam karanne thamange gundu gillatatada? Me serama kale thamanmane. Ehenam danduwan labanna niyama kena oba thama.

Main News