‘මෙයා බුදුහාමුදුරුවොද..’ කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රීන් විඝණකාධිපතිට බැණ වැදුනු හැටි මෙන්න..
October 29, 2016 at 1:06 am | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදු කල විමර්ශණයේදී එහි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් විසින් විඝණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට දැඩිව දොස් පැවරූ බව එම කමිටුව නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
‘මෙයා බුදු හාමුදුරුවොද.. මෙයා දේශපාලණීකරණය වෙලා’ ‘තමුසෙ’ ආදී නොගැලපෙන වචන ඕනෑ තරම් විගණකාධිපතිවරයාට කියූ බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.