186කට කොරෝනා… 238 සැක සහිතයි.. අද වාර්තාව මෙන්න..

April 8, 2020 at 1:20 pm | lanka C news
186කට කොරෝනා… 238 සැක සහිතයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු තහවුරු කරගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාදිත බව තහවුරු වූ රෝගීන් 138 රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ආසාදිත යයි සැක සහිත රෝගීන් 228 ක් රට පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

මේ වන විට රෝගීන් 42ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර 06 දෙනකු මරණයට පත් වී තිබේ.

මෙරට තහවුරු කරන ලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට 186 දක්වා ඉහළ ගොස් ඇත.

අද නිකුත් කළ වාර්තාව මෙසේ දැක්වෙයි.

94 views

One Comment to “186කට කොරෝනා… 238 සැක සහිතයි.. අද වාර්තාව මෙන්න..”

  1. Shiran says:

    වක්‍රය පාත් උනාට එන සතියේ අයෙමත් ඉස්සෙනවා. මොකද Tablighi Jamaat එකේ හුරතල් වෙන්න ඉන්දියා, ඉන්දුනීසියා ගිහින් ඇවිත් හැංගිලා ඉන්න අය්යල ඉන්නවනේ. කොච්චර කිව්වත් මේ මගුලේ ගියපු එවුනුයි උන්ගේ ගෙවල් වල එවුනුයි අල්ලලා ටෙස්ට් කරන්න කියල තාම ඒක කරගන්න බැරි උනානේ. මීඩියා ෂෝ විතරයි.

Main News