පූජිත පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස් නොවුනොත් අස් කරන්න ආණ්ඩුවේ ඉහලම තැනක සාකච්චා…
September 17, 2016 at 9:20 am | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධුරයෙන් ඉවත් වෙන්නැයි දැන්විය යුතු බවත් නොඑසේනම් ඔහු ධුරයෙන් ඉවත් කල යුතු බවත් ආණ්ඩුවේ ඉහලම පෙලේ සාකච්චා කිහිපයදීම අවධාරණය වී ඇතැයි වාර්තා වෙයි.
පොලිස්පතිවරයාගේ හැසිරීම සහ විවිධ ප්රකාශ නිසා ආණ්ඩුවට සිදුවන අපහසුකතාවය හේතවෙන් ඔහු සම්බන්ධයෙන් වෙමන් සාකච්චාවක් ඇතිව ඇතැයිද පැවසෙයි.
පොලිස්පතිවරයාට කතා පැවැත්වීමේදී විනාඩි කිහිපයකට පමණක් සීමා කරන ලෙසත් අදාල නොවන දේ ගැන කතා නොකරන ලෙසත් උපදෙස් දී ඇතැයිද දැනගන්නට ඇත.
මෑතකදී පොලීසියේ ඉහලම නිලධාරීන් කැදවා පැවැත්වූ සාකච්චාවකදී නීතිය හා සාමය බාර ඇමති සාගල රත්නායක මහතා දැඩිව පවසා ඇත්තේ ‘මං එකපාරකුත් කිවුවා. දෙපාරකුත් කිවුවා.
තුන්වැනි පාරක් කියන්න ඉඩ තියන්න එපා’ කියාය. ඉන් අනතුරැව අගමැති රනිල් වික්රමසිංහ මහතාද පොලිස් ප්රධානීන් අරලිගහ මැදුරට කැදවා අනතුරැු ඇගවීම් කිහිපයක්ම කර ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ පූජිත ජයසුන්දර මහතා මේ වන විට සිටින්නේ පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අධි අවදානමකට මුහුණ දී බවයි.
ඔබ තුමාට තෙරුවන් සරණයි. මේ යහපාලන හැත්ත අවංක නිලධාරීන් විනාශ කරනවා. නොසැලී ඉන්න ශක්තිය ලැබේවා.