19වැනි සංශෝධනය මෛත‍්‍රීට බලපාන්නේ නැත්නම් මටත්, චන්ද්‍රිකාටත් යලි ජනාධිපතිවරණයට තරග කරන්න පුළුවනි..- මහින්දගේ තර්කයෙන් නීති අංශ ගල් ගැහෙයි..

January 11, 2018 at 9:20 am | lanka C news
19වැනි සංශෝධනය මෛත‍්‍රීට බලපාන්නේ නැත්නම් මටත්, චන්ද්‍රිකාටත් යලි ජනාධිපතිවරණයට තරග කරන්න පුළුවනි..- මහින්දගේ තර්කයෙන් නීති අංශ ගල් ගැහෙයි..

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතිනවාද කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීම පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

2015 බලයට පත් ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් බලයේ සිටීමට හැකි බව ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළහොත් තමාට මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති පෙන්වා දෙයි.

– mawbima

87 views

26 Comments to “19වැනි සංශෝධනය මෛත‍්‍රීට බලපාන්නේ නැත්නම් මටත්, චන්ද්‍රිකාටත් යලි ජනාධිපතිවරණයට තරග කරන්න පුළුවනි..- මහින්දගේ තර්කයෙන් නීති අංශ ගල් ගැහෙයි..”

  1. Attoney Nisansala Basnayaka says:

    මෛත්‍රී19 වන සංශෝධනයට ප්‍රථම දිවුරුම්වී දුන්නද 19 වන සංශෝධන ඔහු විසින් ඔහුගේම දූර කාළය තුළ ගෙන එම නිසා ඔහුගේද ජනාධිපති ධුරය වසර 05කට සීමා වීම සිදු විය යුතු වන්නේ නිතිය සෑමට සැමදා එකම විය යුතු නිසා . එසේ නොවුණු විට නීතියේ සදාරණත්වය සැමට එකසේ නොවනු ඇත .

    • මම සිංහයා says:

      ඔබ හරි නමුත්
      පාර්ලිමේන්තු 2/3 = ජනතා පරාමාදිපත්‍ය (ජනතවගේ චන්දය) ???

  2. sara says:

    ඔන්න ඔය මහින්දට තව පාරක් ඉල්ලන්න දෙන්නකෝ. අපි ඒ පාරත් ගෙදර යවපුවම බලමුකෝ.

    • මහින්ද says:

      මල්ලේ පොල්ද?

    • vishnu says:

      පල ගොබිල යන්න මහින්ද රටේ නායකයා වෙන එක උඹට තියා
      උඹේ ලොක්ක රනිලයටවත් නවත්තන්න බෑ

  3. warunas says:

    Aurudu 100 wenakanma illai..bala thanhawa… den 75ii

  4. Rohan says:

    මහින්ද 19 සංශෝධිත ජනාධිපති කම එක පාරක්වත් දැරුවෙ නෑ නෙ. ඒ නිසා ඔය බලතල කපපු අලුත් ජනාධිපති කියන තනතුර මහින්ද ටත් ඉස්සරහට දෙපාරක් දරන්න පුලුවන්.

Main News