‘19’ අප ඇටවූ උගුලක්.. අහෝසි කරන්න යන අය විනාශ වෙනවා.. 20 එම විනාශයේ ආරම්භයයි..- රනිල්

September 4, 2020 at 9:20 am | lanka C news
‘19’ අප ඇටවූ උගුලක්.. අහෝසි කරන්න යන අය විනාශ වෙනවා.. 20 එම විනාශයේ ආරම්භයයි..- රනිල්

ස්වාධීන කොමිසන් සභා ඇති කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය උගුලක් යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එම සංශෝධනයට අතගසන ඕනෑම අයකු විනාශ වන බවත් 19 සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යාම මහා විනාශයක ආරම්භයක් බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිරිකොතේ දී පැවැති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

19 සංශෝධනය අහෝසි කිරීමට ජනතාවට පීඩාවට පත් කිරීමක් ද පැවසූ බව පැවසූ ඔහු එම සංශෝධනය තවදුරටත් පවත්වාගෙන යාම ජනතාවගේ අපේක්ෂාව බවද පැවසීය.

එම සංශෝධනය ගෙන ආවේ විධායක ජනාධිපති ධුරයේ සියලු බලතල අහෝසි කිරීමට වුවත් අධිකරණය විසින් ලබාදුන් නිර්ණායක අනුව සංශෝධනය යම් යම් වෙනස් කිරීම් සිදු කිරීමට සිදුවු බවද වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කලේය.

91,154 views

35 Comments to “‘19’ අප ඇටවූ උගුලක්.. අහෝසි කරන්න යන අය විනාශ වෙනවා.. 20 එම විනාශයේ ආරම්භයයි..- රනිල්”

  1. රටට හිතැති says:

    ලොං හැලුනත්, නාටු වුනත් බල්ලෝ තවමත් උඩු බුරලති!

  2. Koka says:

    70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී, ඊනියා 19ය ගෙනවිත්, 2015 දී උදුරාගත් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ගැන කතා කරන්න එකෙක් නෑ…

  3. don katugampala says:

    19 GENALLA PASSA BIMA ANAGATHTHA “MAHA DENAMUTHTHA” U.N.P EKATH 1 TA BASSAGATHTHA MADIVATA THAMATH BAYILA GAHANNE.

  4. Boo says:

    දැන් එතකොට 19 ගෙනෙල්ලා එක ආසනයකට වැටිලා විනාශ වුනේ කවුද?

  5. සමනලයා says:

    උබලා පහුගිය අවුරුදු හතරහමාරම උගුල් ඇටෙව්වා මිසක් වැඩක් කලේ නෑ. අන්තිමට උබලගෙ උගුල්වල උබලම පැටලුනා. එක ආසනේට වැටිලත් කටේ නරවාදම නං අඩුවෙලා නෑ.