19 අහෝසියට පලමු කැබිනට්ටුවේම අනුමැතිය ලැබේ.. කැබිනෙට්ටුව නිමකල ජනපති කෙලින්ම විරෝධතාකරුවන් මැදට..

August 19, 2020 at 2:10 pm | lanka C news
19 අහෝසියට පලමු කැබිනට්ටුවේම අනුමැතිය ලැබේ.. කැබිනෙට්ටුව නිමකල ජනපති කෙලින්ම විරෝධතාකරුවන් මැදට..

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද හිමි වී තිබේ.

අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබාදුන් බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

ඒ අනුව එමෙන්ම ‍ව්‍යවස්ථාවේ 20 සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස් විය.

කැබිනට් මණ්ඩල හමුව අවසන් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතා කරුවන් පිරිසක් හමුවීමට ගියේය.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ විරෝධතාවය හමුවට පැමිණි ඔහු කියා සිටියේ සියලු දෙනාට රැකියා ලබාදෙන බවයි.

103,859 views

23 Comments to “19 අහෝසියට පලමු කැබිනට්ටුවේම අනුමැතිය ලැබේ.. කැබිනෙට්ටුව නිමකල ජනපති කෙලින්ම විරෝධතාකරුවන් මැදට..”

  1. arna says:

    ලංකාවේ මේ උපාදිදාරීන්ට රජයේ රැකියා දෙන විහිලුව නවත්තන්න ඕනෑ, මේ මාස හයටත් ෆිල්ඩ් ඔසෙර්ලා දාලා වැඩි දෙනෙකුට වැඩත් නෑ. අනික් මනිස්සු නිකම් මුන්ට බදු ගෙවනවා. පත්තරයක් බලන්නේ නැති ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නේ නැති බූරුවෝ ටිකක්.

    • Harin says:

      20 නෙමේ 19මයි ආයෙත් ගේන්නේ…

    • දබ්බා says:

      අනිවාර්යෙන්ම. ඔහොම කලාම වැරදි ආදර්ශයක් දෙන්නේ. ඊට පස්සේ දිගටම පිකට් කරලා රජයේ ජොබ් ගන්න පුරුදු වෙනවා.

      • Banada says:

        3වන වරටත් කැබිනට් මණ්ඩලයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් වේ.. ( 2002, 2015, 2020)

        • සමන්ත says:

          19 වැනි සංශෝධනය ගෙනාවේ යහපාලන රජයෙන් කියලා නොදන්න අයෙක් මේ…

    • වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

      රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් කොටසක් භෝග වගාව, නැංවීම වෙනුවෙන් යොදවන්න

    • රටවැසියා says:

      100% Correct.

    • බන්ඩා says:

      ⁣ජනතා මුදලින් ඉගන ගත්තා නම් ජනතාවට බරක් නොවී රක්ෂාවක් හොයා ගනිල්ලා. ජනතාවගෙන් යැපෙන්නෙ නැතුව කඩල විකුනපලලා. ඒක නම්පාබුය්.

    • wijebahu says:

      They laugh about when Sajith was going to give 20k temporarily to people who were affected by covid 19. now whats happening. giving jobs permanently in government non profit making institutions where no valid vacancies available. this was the same thing happened to CTB where politcos used it as dumping ground for unemployed to established vote bases. where is the system change Boss??

      • S. Ratnayake says:

        Idiot, you don’t know the govt did a survey and found that there were close to 1 lack of vacancies in the public service in this country? So, why not filling those vacancies with graduates and ass them to the work force with proper training.

        When I passed out from the uni in mid 1980s, I was recruited under the graduate employment program and first trained a teller in a bank. After, a few years later, I climbed up to the post a director in the banking sector.

        • jsk says:

          It is quite useless to throw pearls before swine ! Pplwho are blinded by party politics and hatred has no commonsense to comprehend what you said.

        • jackson says:

          Is that Godahewa survey? , its like horage ammagen pena asima. PB wijesundara was asking to donate half of public servants salaries, but how come they dump people into government jobs.? there are millions of people are losing their jobs or cut there salaries half.

      • fass says:

        There is a different between donkey’s words and lion’s words. Majority trusts lion’s words but Wijebahu like stupids still believes donkey’s since he is a Donkey himself.

  2. hitan says:

    excellent sir

  3. nim says:

    thanks for listening to them

  4. narada says:

    අපේ සිංහයාගේ ගැම්ම
    දුන් චන්දය ගැන හදවතින්ම ආඩම්බර වෙමි, මේ වාගේ කෙලින්ම කතා කරන නිර්භීත තීරණ ගන්න පුලුවන් රාජපක්ෂ වරුන් නිසා රටට සෙතක් මිස අයහපතක් කිසිමදාක සිදු නොවෙනා බව අපිට විශ්වාසයි. ජය වේවා ජනපති පියානනි ඔබට.

    • Hudson says:

      thari daara baiyek.

      • narada says:

        Haduson,
        බෛයෙක් නෙමේ පොහොට්ටුවේ පාක්ෂිකයෙකු වීම මට හරිම ආඩම්බරයක් නමුත් ඔබ? ඔබට එහෙම අභිමානයක් තියේද ???

      • sanath says:

        Hudson,,,, umbe thaattha awamangala ponsiyaa neda,,?
        poddak ammagen ahala balapanko..,,,,

    • RAW Agent says:

      මට ඇහුණෙ දඟ වැඩ කරන දරුවන්ට කතා කරන තාත්තා කෙනෙකුගේ කටහඬ.
      “අව්වෙ වේලෙන්නෙ නැතිව ගෙදර යන්න.”

  5. Saradiel says:

    නව යුගකයට නව ව්‍යවස්ථාවක් ජය පතමු ජය ශ්‍රී

  6. PULATHISI says:

    අතිඋදාරයි ජනපතිතුමනි.වසර පහකට ආසන්න කාලයක් ලංකා රාජ්‍යපාලනය අවුල් වියවුල්කළ දහනව ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමට පියවර ගැනීම අතිශයින්ම උදාර පියවරකි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වරින් වර එක්‍කරන ලද පැලැස්තර අතර ප්‍රධාන පැලැස්තරයක් වන 19 ව්‍යවස්ථාව අවලංගු කිරීමට ක්‍රියා කිරීම අතිඋදාර තීරණයකි. 19, 13, වැනි පැලැස්තර සියල්ල අවලංගුකර අපේ රටට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමට මෙවර මැතිවරණයේදී 2/3 දෙකක බලයකින් අනුමත කරන ලදී.
    2. ඒ අනුව හෙට 20 වෙනිදා රැස්වන පළමුවන පාර්ලිමේතුව ආරම්භයේ සිට සියලු ආකාරයෙන් අපේ ලක්මවට “සෞභාග්‍යයේ මාවත” විවර කරන්නට තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණෙන් සියලු ශක්තිය සහ ධෛ රය ලැබේවායි සුභාසිරි පතමු.

  7. SARA says:

    Real attitude of a national real leader – Please pay your attention to study on monthly interest income of people who retired from private sector too.

Main News