19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා..

August 26, 2020 at 10:19 pm | lanka C news
19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා..

19 ව්‍යවස්ථා සංශෝධනයට රැක ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් එය අහෝසි කිරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බැස විරෝධතා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

පක්ෂයේ සාමාජිකයන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ 19 සංශෝධනය රැක ගැනීමට අති මහත් බහුතරයක් එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

විධායක ජනාධිපති බලතල සීමා කිරීමට 69% නමයක් එකඟ වී ඇති බව එමඟින් හෙලි වූ බවත් තොරතුරු දැනගැනීමේ පනත 62%ක් අනුමත කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

නමුත් ස්වාධීන කොමිසන් සභා සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන 65%ක් එකඟතාවයක් පළ කරනු නැතැයිද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

31,753 views

48 Comments to “19 අහෝසියට 69%ක් ජනතාව විරුද්දයි.. අපි කල මත විමසුමකින් හෙලිවුනා.. 19 අහෝසියට විරුද්දව පාරට බහිනවා..”

  1. GulSiri Lal Nanda says:

    The class of UNP politics had been ever-never listen to people voice since it came into being 1947?
    How is that Dentist Rajith going to change set of policies of New UNP under Sajith leadership ?
    The Rajith is political crook ?
    The new UNP is that Sajith himself is a members of political lumpen classes.

Main News