‘19’ අහෝසි කරන්න අනිද්දා බ‍්‍රහස්පතින්දා සුබ නැකතට ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දටත් යලි ජනාධිපතිවරණ වරම්..

July 9, 2019 at 10:40 am | lanka C news
‘19’ අහෝසි කරන්න අනිද්දා බ‍්‍රහස්පතින්දා සුබ නැකතට ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දටත් යලි ජනාධිපතිවරණ වරම්..

19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි අනිද්දා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කටයුත්ත සිදු වන බවත් බ්‍රහස්පතින්දා දිනයේ ඒ සඳහා සුභ නැකතක් බලා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් කතානායකවරයා අත්සන යෙදූ පසු එම නීතිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයකට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැති බව ද ඔහු සඳහන් කළේය.

නමුත් යම් ලෙසකින් 19 සංශෝධනය අහෝසි කළහොත් මහින්ද රාජපක්ෂ මහතාටද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්තාව ලැබෙන බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

67,056 Viewers

19 Comments to “‘19’ අහෝසි කරන්න අනිද්දා බ‍්‍රහස්පතින්දා සුබ නැකතට ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දටත් යලි ජනාධිපතිවරණ වරම්..”

  1. dan says:

    මහින්ද ජනපති සිරිසේන අගමැති ගෝටා කොට උඩ. කොහොමද ටිකිරි මොලේ?

    • Kannan says:

      Day dream !!

      • අනේද කියන්නෙ says:

        ජී.එල්. යනු කපටි නරියෙකි.. සම්මත වූ
        19 ට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරි බව මේ නීති විශාරදයා හොදින්ම දනී. 19 ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හරි බව කියා ගැනීම ජිලාගේ කපටි සැළසුමයි. එවිට ජනමතවිචාරණයක් මගින්වත් 19 අයින් කර ගැනීමට නොහැකි වේ. 19 න් ආරක්ෂක අමාත්‍යාංශය බෙදුම්වාදී පාර්ලිමේන්තුව අතට අරගෙන ඇති නිසා 2000 ජිලා සහ චන්ද්‍රිකා ගෙන ආ ෆෙඩරල් ව්‍යවස්ථාවේ හැටියට වැඩ සිදු කිරීම ජී. ඇල් ගේ නීති මෙහෙයුමයි.
        සිංහලයා මෝඩයා..කැවුම් කන්න යෝදය…

        • Dr Ranjith Pinnagoda. says:

          Gamini Lakshman Pieris (G.L.Pieris) is a headless professior.

        • රන්බණ්ඩා says:

          අර ඉස්සර කතාවක් තියෙන්වා නේද බොලං,
          එළුවකුගෙ ඇට දෙක දැන් වැටෙයි…දැන් වැටෙයි කියලා හිතාගෙන උගේ පිටිපස්සෙන් ගිය නරියකු ගැන කතාව…අන්න ඒක තෝ දැන් මතක් කොරගනිං.
          තොපි හැත්ත යහපාලන ගෙරියන්ගෙ අධෝව ලෙවකාලා, යහපාලන ස්වර්ණමය යුගය උදාවෙනකං බලං හිටපු එකත් අන්න ඒ වගේ තමයි බොලව්.
          ලැජ්ජාවක් නැතිව ආයෙත් ගොසිපයේ කොටන්න පටන් අරං.
          නොදකිං විතරක් තොපි වගේ වසලයිං…රටට කෙළවපු තොපි මීට වැඩියෙ හොඳයි මකබෑවිලා පලයව් මේ පොළොවෙන්.

        • Samantha says:

          G.L. is a Senior Professor in the subject of Constitutional Law. So, irrespective of personal opinion, We cannot simply disregard his observation.

        • damian says:

          අනේදකියන්නේ වලිගේ පාගලා. පීරිස් නොවේ අධිකරණයට යන්නේ සිරිසේන .

  2. Apita Pissu says:

    Unta nevi Apita Pissu

  3. Dushantha says:

    අරෙහෙම උනොත් මෙහෙම වෙනවා ඒ උනාට ඒක එහෙම වෙන්නෙ නෑ. මොනවද මහාචාර්ය තුමා මේ අන්ඩර දෙමළ ?

  4. Aurora says:

    කොහොම වුනත් ජනාධිපතිගේ බලතල කැපූ 19 සංශෝධනය නීත්‍යනුකුල නැත. හේතුවනම් ජනාධිපති බලතල කප්පාදු කරන්න 2/3 පාර්ලිමේන්තු චන්දයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු වීමයි. 19 සංශෝධනය නීත්‍යානුකුල විධියට පියවර 2ක් ඉදිරියට ගියා. එනම් මුල් පියවර වන පාර්ලිමේන්තුවේ 2/3 ගත්තා. දෙවන පියවර වන කථානායක අත්සන් කලා. තුන්වන පියවර වන ජනමත විචාරණය දැන හෝ නොදැන පැවැත්තුවේ නැහැ. ඉතින් කොහොමද 19 සංශෝධනය සම්මතවීම සම්පුර්ණ වුණා කියන්නේ.

    • Kadiya says:

      කිලිනොච්චි යනවා කියල මැදවච්චියට පමණයි ගිහින් තියෙන්නේ.

    • ශ්‍රේෂ්ඨාධිකරණය says:

      19 සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍යනොවන බව දන්වා ඇත. එනිසා 19 නීත්යනුකුලයි බලාත්මකයි.

      • NAK says:

        Here it seems either the supreme court has messed up or Ranil Wickremesinghe has taken the supreme court for a ride.
        What the supreme court said was “to reduce certain powers vested in the president,a 2/3 majority plus a referendum is needed”
        What Ranil did was, he left some of the provisions along with provisions that needed a referendum. Which amounts to deliberately cheating at best.
        For example One chapter of the constitution confers power to the President to dissolve parliament and another chapter dictates that he can only dissolve parliament after four and a half years, which provision needed a referendum, but somehow included in the 19th amendment without a referendum.
        This is what I think is now being challenged in the supreme court.

  5. Gayantha says:

    සිරිසේන මෑතකදී කරපු එක වැඩක්වත් හරි ගිහින් නෑනේ. අයෙත් පිස්සුවක් නටන්න හදන්නේ.

  6. Amarapaala says:

    Naakiyantama Giya Rata …Huh

  7. Gone gota says:

    Muta mona presidency da..

    Nakiyawa wala pallata thamai yawanna one.

  8. Gonsun says:

    Astrolgy is Animistc Science. Buddha says this in.Jaga Suthra. Vasthu, Sooth saying, Bali thovil, Meketh all according to Buddha is Animistic Science

  9. ඩැනියල් ඩේ ලුවිස් says:

    පළමුවෙන් කියන්න ඕන ලංකාවේ ඡන්දදායකන්ට ආයෙත් මහින්ද ඕන නෑ – දැන් අවශ්‍ය ගෝඨා මිසක් මහින්ද නෙවේ – අනික් එක සම්මත වූ පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවලංගු කරන්න බෑ – ඒක පිස්සු කතාවක් – එහෙම අවලංගු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන්ම අවලංගු කිරීමේ පනතක් ගෙන ඒමෙන් හෝ ජනමතවිචාරණයකින් පමණයි
    කවුද මේ නීති උපදේශකයෝ ?????

Main News