19 ක්‍ෂණිකව අහෝසි කරන බව බැසිල් කියයි.. [Video]

August 11, 2020 at 10:15 pm | lanka C news
19 ක්‍ෂණිකව අහෝසි කරන බව බැසිල් කියයි.. [Video]

19 ව්‍යවස්ථා සංශෝධනය ක්‍ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ සමඟම ඉතා ඉක්මනින් නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවද පවසන ඔහු එම නව ව්‍යවස්ථාව අණ්ඩ දමා නිතර පිලිසකර කිරීමට අවශ්‍ය නොවන එකක් විය යුතු බවද පවසයි.

19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී ඔහු ඒ සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවද සඳහන් කළේය.

තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප‍්‍රසාදයෙන් සිටින බවත් ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේ දී ඒවා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

9,202 views

16 Comments to “19 ක්‍ෂණිකව අහෝසි කරන බව බැසිල් කියයි.. [Video]”

  1. ජනහිත says:

    රට බෙදන 19වෙනි ව්‍යවස්ථා සංශෝදනය වහාම ඉවත් කරවා ගණිමු!

    • Hudson says:

      Time to rape the constitution by Rajapaksas as they wish like what they did in pre 2015. we are just spectators only.

  2. nihitha says:

    මල්ලිට බලේ යනවට අයියා කැමති වෙයි ද?
    මන් නම් කියන්නෙ ඕක ඔහොම්මම තියෙයි

    • Sathya says:

      Andu kadichcha Thiopi wage unp/jeppo kata wahagena hitu

    • Pork says:

      ජනාධිපතිවරණය පැරදුන ගමන් ණය ගෙවන්ඩ වෙනවට බයේ මාස දෙකක් යාල කැලේ හැංගිල හිටිය එකාගෙ මට්ටමෙන් අනික් අයවත් මනින්න තරම් උඹ මෝඩයෙක් වුනේ වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැති හින්දද?

    • KKpu says:

      උඹල ඒ සහොදරයන්ගෙ තියෙන සහෝදරත්වය එකිනෙකාට තියෙන ගරුත්වය අවතක්සේරු කරන මීහරක්.

    • MD says:

      තුන්වේලටම ආහාරය කුහක කම තියෙන 3% නින්දිත ලෙස නම වෙනස් කරන්න.

  3. Asanga says:

    “තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප‍්‍රසාදයෙන් සිටිනවා” කියන එක වැරදියි. වැඩකාරයෙක් නම්, රටට ආදරේ නම්, ජනතාව කැමති නම්, ජනතා චන්දෙන් කීපාරක් ජනාධිපති වුනාම මොකද. චන්දෙ නැතුව එනවනම් තමයි අකමැති.

  4. Nishantha says:

    Dual Citizenship of America will be cancelled. Then, he comes to parliament as an MP and then a Minister. What a magic..!

  5. chamath says:

    ආපහු බස් සින්දු අහන්න වෙනවද?

  6. හෙලයා says:

    19 රටට හෙනයක් 13 සුදු අලියෙක්.

  7. D.Nimal says:

    Yes we can agreed with that Basil Rajapakase to repel 19th amendment ;which has sponsorship by 2015 Jan 8th previous UNP +SLFP +JVP+ TNA and Muslim Terrorist of and other as well had been undermined Republic constitution .
    I wanted that our country back to constitutional process of Democracy as quick as possible. Repel in 19 amendment is to be treat as urgent matter of Island democracy.

  8. Nimal R says:

    Not only the 19th but 13th also should be repealed.

  9. ප්‍රසන්න says:

    පවතින රජයකට තමන් කැමති ආකාරයට ඊළඟ ඡන්දය පවත්වන්න ඇති අයිතිය නැති කරපු 19 සංශෝදනය අහෝසි කල යුතුමයි.

  10. A.View says:

    It is healthy to keep the contents of 19 with changes:
    1. Defense ministry to President as before 19.
    2. Properly constituted Constitutional Council and Independent Commissions