19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා..- ජනපති කැබිනෙට්ටුවට කියයි…

September 19, 2020 at 9:20 am | lanka C news
19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා..- ජනපති කැබිනෙට්ටුවට කියයි…

පසුගිය මැතිවරණයේ දී රටට පොරොන්දු වූයේ 19 අහෝසි කරනවා කියා මිස එහි කොටස් තබා ගන්නා බවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවද ඒ මහතා සඳහන් කර තිබේ.

එසේ නැතිනම් පවතින 19 සංශෝධනය ඒ ආකාරයම තබාගෙන 20 ඉවත් කරගෙන නව ව්‍යවස්ථාවක් හදන තෙක් ඉදිරියට යාම කල හැකි යයිද ජනාධිපතිවරයා පවසා ඇත.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

එහිදී පාර්ශවයන් අතර යමි මතවාද පළවූ අතර ජනාධිපතිවරයා අවසානයේදී සඳහන් කර ඇත්තේ දැනට ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධනය සම්මත කර පසුව එන ව්‍යවස්ථාවෙන් අඩුපාඩු සකස් කළ යුතු බවයි.

අවසානයේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.

39,738 views

11 Comments to “19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා..- ජනපති කැබිනෙට්ටුවට කියයි…”

  1. Alapaluwa says:

    කරුණාකර මේ ගොටභය මැතිතුමාගේ සංකල්පනා රට දියුණු කිරීමට උරදී ගෙනයන වැඩවලට උදවුකරන්න කකුලෙන් අදින්න උත්සහා නොකර.මොකද ඔවු වටා සිටිනා බොහෝ අය තමන්ගේ වාසි උදේසා අනවශ්‍යය කරුණු මේ කොහොවත් නැති බහුභූත 19 වෙනුවට 20 ගෙනත් එයට කෑලි පුට්ටු කරමින් කරන්නේ එතුමාගේ ප්‍රතිරූපයට බරපතළ හානියක් නොවේද?ගොටභය මැතිතුමෝ බොහොම පරිස්සම් වන්න ඔබගේ ලඟින්ම හිතවත් බව පෙන්වමින් සමහර අය සහෝදර කම් යැයි කියාගන්නා අයවලුන්ගේනුත් පරිස්සම් වන්න. නැතිනම් දිනෙන් දින ඔබේ රැස්ධරාවල් වගේ සිටපු ඒ ආලෝකය කෙමෙන් කෙමෙන් අඳුරු වි යාවී. එයට ඔබට කමක් නැතිනම් ඇස්,කන්,නාසය,නැති විදියට පසුගිය රජයේ සිරිපාලයා සිටපු විදියට  සිටින්න එවිට ඉතාමත් නුදුරු අනාගතයේදී බලාගන්න පුලුවන්වේවි එහි පළවිපාක.එමනිසා විෂ නසන්න ෂනිකින් විශේන්ම.  

    • කමල් says:

      මෛත්‍රීපාල රනිල් ආණ්ඩුව මූලිකවම වැටෙන්න අඩිතාලම දැම්මේ bond scam එක. ඊට පස්සේ පාස්කු පහාරය ඒක සහතික කලා. යහපාලනය හැමදාම කලේ රනිල් මොනව හරි කලොත් ඊට පස්සේ දවසේ ඒක මෛත්‍රී වෙනස් කර ගන්නවා
      Vise versa . හැමදාම කොටුව , සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති කාර්යාලයේ ඉස්සරහ උද්ඝෝෂණ (අන්තිමට අත්පාවාරු නැති රණවිරුවන් මාරාන්තික උපවාසයක් කලා. මොකක් වූනාද දන්නේ නෑ). හැමෝම ඔලුවට අතහොදන ගානට ආව. මෛත්‍රීපාලට කුණු හරුප කියල බැන්න. ඔහොම ඔහොම අවුරුදු 4.5 තිබ්බ. ඕක හින්දා මිනිස්සු ඉල්ලුවා 19 නැති කරලා දිගටම එකම පවුලක පාලනයකට(මාතර ඡන්ද ප්‍රතිඵලය තමයි හොඳම උදාහරණය ). ඉතින් ඉල්ලපු දේ දෙන්න කියන එක කොහොමටවත් වැරදි නෑ.දැන් ඉන්න මනුස්සයා ගියාට පස්සේ නාමල් ජනාධිපති වෙනවා නම් වැඩිය හොඳයි හැබැයි ජනාධිපතිතුමාගේ පුතා වුනත් අවුලක් නෑ.

    • Tommy says:

      උඹ නං ඇත්තටම මී හරකෙක්. ය්කෝ කුලියට ලිව්වත් පඩිය දෙන එකාට ලැජ්ජා නැති වෙන්න ලියපං.
      දහ අට ගේනකොට හොදය් කියපු එවුංම දහනවය සම්මතකලා… ඒක දැං හොද නෑ කියල උංම විස්ස ගේනව..
      යකෝ විස්ස ගෝටාබයට නෙවේ හදන්න ඕන ලංකවෙ පත්වෙන ඕන පාලකයකුට ගැලපෙන විදියට.
      ගෝට හොද උනාට පස්සෙ එන එකෙක් පිස්සු කෙලියොත් මොකද කරන්නෙ??

      • Wijebahu says:

        Gotage hondak na.. mari modayek. thtats why he has no brains to think about future.extreemly selfish dictator.

  2. Banda says:

    A Dictator in the making. …..

  3. Anagarika says:

    By all means will we reap stopping forest clearing as an end result of 20A? Also will it determine one country, one law policy installation? If so why not 20A but doubtful!

  4. ගමේ වෙදා says:

    රටවල් දෙකක පය තබාගෙන සිටින ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවි හෝ රාජ‍ය නිලධාරී තනතුරු ලබා නොදිය යුතුය . සියළු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සමාගම් විගණකාධිපති යටතේ විගණනයට ඉඩ සැලසිය යුතුය . මේවා ඉවත් කිරීමට ජනතාව ඡන්දය දී නැත. යුද්ධයකදී ත්‍රස්ථවාදීන් මරා පාලනය කල ක්‍රමවේදය බාවිත කර රටක් පාලනය කිරීමට නොහැක . පාලනයේ ප්‍රජාත්‍රන්තවාදී ගුණයක් නොතිබුණොත් ජනතාව නැගීසිට එම ආණ්ඩු පලවා හැරීමට කටයුතු කරනු ඇත

  5. බන්ගොයියා says:

    අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගනණ කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම, ද්විත්ව පුරවැසියකුට පා. මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම වැලැක්වීම වගේ දේවල් රටේ විනාශයට හේතු වුන විදිය බයි පින්වතෙක් කියල දෙනවද?

  6. Sunil says:

    රටට උවමනා විද්වත් මතවාද සහ ඒ තුලින් කෙරෙන වැඩ මිසක් තනි කෙනෙක්ගෙ ඒව නෙවෙයි. ගෝඨාභය වගකීම ගන්න ව්‍යවස්ථා විශාරද යෙක් වෙන්න එපැයි.

  7. Sam says:

    20 awoth ape ratata aduwa thibunu thawath deyak nam wenawa sure. Chinnunta land eake ayithiya den dilane thiyenne. Kawunsaletath unge eawun tika kohomin hari daganiyi. Indiyanu Jata jarayoth ringa ganiyi. Rata iwarayi. Dual citizens thiyena onima eakekuta 20 nisa parliament yanna puluwan weyine. Rata kala dala Mahendranaya wage ratin penala yayi.