‘19’ බල බිද ජනපති ශක්තිමත් කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

January 2, 2020 at 3:26 am | lanka C news
‘19’ බල බිද ජනපති ශක්තිමත් කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව ගැසට් කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමටත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් යෝජනා වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව 15වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර මැතිවරණ දිස්ත්‍රික්කයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතුව ඇති සියයට 5ක ඡන්ද ප්‍රතිශතය වෙනුවට පෙර තිබූ පරිදි සියයට 12 දශම 5 දක්වා වැඩිකිරීම සඳහා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත්තේ, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් පත්කිරීම් සිදුකළ යුතු බවයි.

එසේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙනුවට අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත්කිරීම සිදුකිරීම් කළ යුතු බවට සංශෝධනය කර ඇත.

‍ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය දැරිය යුතු අතර වෙනත් යම් අමාත්‍යධුරද ඔහු යටතේ පවත්වාගෙන යාහැකි ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළ සඳහන් වෙයි.

– adaderana

66,871 Viewers

24 Comments to “‘19’ බල බිද ජනපති ශක්තිමත් කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..”

  1. Sahodaraya says:

    අදට ඔබින පරිදි නොව. අනාගත නායකයන්ට මෙය ආයුදයක් නොවෙන සේ වෙනස් කල යුතුය. 18 පුද්ගල කේන්ද්‍රිය සන්ශොදනයක් ලෙස මතුපිටින් පෙනේ

    • UNP says:

      පුද්ගලයන්ට අනුව නොව රටට සහ අනාගතයට ගැලපෙන වය්වස්තාවක් අවශ්‍යයි. අධික බලතල සහිත ජනාධිපති තනතුරක් පිස්සෙක් අතට යාමේ භයානක කම මෛත්‍රී ඔප්පුකරා. වත්මන් ව්‍යවස්ථාවට අනුව (19) ව්‍යවස්ථාදායකයට වග නොකියන බැවින් එහි බලතල තව දුරටත් අඩු කොට, පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායක සභාව) විසින් පත් කරනු ලබන අග්‍රාමාත්‍ය වරයාට ලැබෙන ලෙස වෙනස් වීම සුදුසුයි. එසේ කර; ගොටභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී, (එවිට ඉබේම අග්‍රාමාත්‍යවරයා (මහින්ද) එම ධුර කාලය සඳහා ජනාධිපති වේ). නැවත මහ මැතිවරණයට තරඟ කල හැක. ඔහුට විශිෂ්ඨ ජයක් අත් වේ.

      • 77 UNP says:

        UNP අපතයෝ දවල්හීන දකිමින් සිටිති. මොවුන් දික්කරන මහ ලොකු කැරට්අලේ නම් මහින්ද මහා බලැති අගමැති ලෙස පත්වෙන්න ඔවුන්ගේ කැරට් ක්‍රමෙන් පුළුවන් කියාය. නමුත් පොහොට්ටු පාක්‍ෂිකයන්ට ගෝඨාභය ඉවත්කිරීමේ කිසිම රුදාවක් අදත් නැත, හෙටත් නැත. නමුත් UNP, JVP, TNA, NGO මරඋගුල් වලට අහුවීමේ ආසාවකුත් නැත. ඔවුන්ට තියෙන්නේ වෙනදේ බලාගෙන ඉන්නයි. ඊට අදාල තැන පා පිස්නාව ලෙස නම් තබා ජනතාව විසින් ඔවුන්ව තබනවා ඇත.

  2. Boo says:

    This is top class progress in the country.

    This is exactly what we need if we are to progress as a nation without splitting in racial lines. With 5% vote representation the minorities tend to separate from the majority and form their own representatives based oin racial lines rather than joining with the majority to be one nation.

    Great job, I hope this will be passed if the current parliamentarians are far sighted.

  3. Parakum says:

    To the Donkeys & Buffaloes never give 2/3 to a Family Rule. 19th is the only safeguard left for the Democracy loving masses.

    • MD says:

      🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃Thanks brother🐃🐃🐃🐃🐃🐂🐂🐂🐂

    • John the Baptist says:

      ශ්‍රී ලංකාවට බෙහෙවින්ම හිතකර මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ජෙප්පෝ, හම්බයෝ, කොටි සහ උන්ගේ ඩොලර් වලින් යැපෙන NGO කුක්කෝ පමණි.

  4. ඇත්ත නැත්ත says:

    ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කළ 85.2 ව්‍යවස්ථාව 19 ඉවත්කර ඇති අතර විජේදාස ඇයි 85.2 ව්‍යවස්ථාව නැවත ගේන්නකැමති නැත්තේ..

    • HORA MINIHA says:

      You ask your mother, Really why it is not?

    • Aurora says:

      ජනතාවට හොරා 19 සංශෝධනේ ගෙනත් ජනතා චන්දෙන් පත්කරගත් ජනාධිපතිගේ බලය කප්පදුකිරීම වලක්වාගන්න බැරිවුණ “85.2 ව්‍යවස්ථාව” ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන්නේ කොහොමද? යහ පාලකයෝ කියන කාලකන්ණි හැම චන්දයක්ම බොරුවෙන් කල්දමනකොට “85.2 ව්‍යවස්ථාව” මොන අශුචි වලකද තිබුනේ? මේවා UNP, JVP, TNA, NGO මරඋගුල් මිස වෙන කිසිවක් නොවේ.

  5. SRI LANKA says:

    GREAT INITIATIVE, That is what partriotic ppl in SL and majority of people in SL needed
    Thank you

  6. George says:

    ජනපති ශක්තිමත් කිරීමේ කෙටුම්පත් වලට මුලින්ම විරුද්ද වන්නේ වාසු .ඒ ඔහු මෙහෙය වන බලල් අත මාර්ගයෙන්. එක්තරා ප්‍රබලයෙක් වාසු ලවා කොස් ඇට බාවනවා. ජනපති කල යුත්තේ මෙවන් බාදක මුලින් ඉවත් කිරීම. එසේ නැත්නම් මේ රජයේ ආයු කාලය ඉතාම කෙටියි .

  7. Buddhist says:

    Idiot who proposed the 19th Amendment is now calling it a useless amendment. What a crook this fellow is.

    • John the Baptist says:

      ශ්‍රී ලංකාවට බෙහෙවින්ම හිතකර මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ජෙප්පෝ, හම්බයෝ, කොටි සහ උන්ගේ ඩොලර් වලින් යැපෙන NGO කුක්කෝ පමණි.

  8. Raja says:

    විජේදාස උන්නෑහේ ඕවා පස්සකට දාලා අර අක්කර තුනක ඉඩමක් සිංගප්පූරුවට
    සින්නක්‍රයට විකුණලා තියෙනවයි කියලා ආරංචියි. ඒ දවස්වල උගුර යටින් හම්බන්තොට වරාය බද්දට දුන්නයි කියලා කෑ ගහපු එකා දැන් අන්ධයෙක් ගාණට ඉන්නවා. මේ යකා වාසි පැත්තට පනිණ ආත්මාර්ථකාමියෙක්

    • මකරා says:

      කොහෙද යකෝ විකිණුවෙ? හරියට දෙයක් කියවලා බලලා දැනගෙන කතා කරහං ගූඇංපී බයියො කියන පච අහලා තප්පුලන් නැතුව.

  9. බයි ටොයි එකමුතුව says:

    සිංහල ජාතිය දෙකඩවීම තුල සුළු ජාතීන් හා කුඩා පක්ෂ තමාට පාර්ලිමේන්තුව තුල ලැබී ඇති කේවල් කිරීමේ බලය ආත්මාර්ථකාමී අරමුණු පෙරදැරි කරගෙන
    රටදෙකඩ කරන්න,
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මොට කරන්න,
    රටේ ශ්‍රම බලකාය විනාෂ කරන්න,
    ආර්ථිකය දුර්වල කරන,
    ජාතික චින්තනය වටා ජනතාවට ගොඩ නැගෙන්න ඉඩ නොදෙන්න
    කටයුතු කරමින් සිටී.
    “කේවල් කිරීමේ බලය හිමි පක්ෂයක” කාර්යභාරය සහමුලින් අතපසු කොට රට නැවත නැවත පසුපසට අදින්න කටයුතු කරමින් සිටිනවා. සුළු ජාතීන් හා කුඩා පක්ෂ සම්පූර්ණයෙන් NGO වලට නතුවී, රට වනසන බලවේගවල අතකොලුවී මේ මොහොතේ තම වගකීම පැහැර හැර තිබෙනවා. 5% සීමාවට ඔවුන් තැබීම ඉතා කාලෝචිතයි.

  10. බයි ටොයි එකමුතුව says:

    සිංහල ජාතිය දෙකඩවීම තුල සුළු ජාතීන් හා කුඩා පක්ෂ තමාට පාර්ලිමේන්තුව තුල ලැබී ඇති කේවල් කිරීමේ බලය ආත්මාර්ථකාමී අරමුණු පෙරදැරි කරගෙන
    රටදෙකඩ කරන්න,
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මොට කරන්න,
    රටේ ශ්‍රම බලකාය විනාෂ කරන්න,
    ආර්ථිකය දුර්වල කරන,
    ජාතික චින්තනය වටා ජනතාවට ගොඩ නැගෙන්න ඉඩ නොදෙන්න
    කටයුතු කරමින් සිටී.
    “කේවල් කිරීමේ බලය හිමි පක්ෂයක” කාර්යභාරය සහමුලින් අතපසු කොට රට නැවත නැවත පසුපසට අදින්න කටයුතු කරමින් සිටිනවා. සුළු ජාතීන් හා කුඩා පක්ෂ සම්පූර්ණයෙන් NGO වලට නතුවී, රට වනසන බලවේගවල අතකොලුවී මේ මොහොතේ තම වගකීම පැහැර හැර තිබෙනවා. 12.5% සීමාවට ඔවුන් තැබීම ඉතා කාලෝචිතයි.

  11. gamaya says:

    Goodbye jvp

  12. Patriotic citizen says:

    This is a very good move that will prevent small group representatives from making decisions for the entire country. Good work sir

  13. ab says:

    very good. Yes jadapalanaya destroyed every aspect of sri lanka. It is high time put things into right perspective.

  14. sayumi says:

    ඉතාම හොඳයි ඉන්පස්සෙ නීතිය නවන ජහපාලන හොල්මන් පලවා හැර නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට අපේ අනපති තුමාට හැකිවෙයි.

  15. Christopher says:

    An excellent move. One of the most progressive and patriotic amendments to the current separatist constitution!

  16. Saradiel says:

    දැන් රට තිබෙන තත්වයට රටට ඉතාම සුදුසුයි ජය පතමු

Main News