19 සංශෝධනයට අත ඉස්සීම අප කල වැරැද්දක්.. නිවැරදි කරන්න සූදානම්..

June 1, 2018 at 10:40 am | lanka C news
19 සංශෝධනයට අත ඉස්සීම අප කල වැරැද්දක්.. නිවැරදි කරන්න සූදානම්..

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීම වැරැද්දක් බවත් ඒ ගැන කණගාටු වන බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම සදහන් කරයි.

කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ අවස්ථාවක් ලදොත් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

එම සංශෝධනයේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට ප‍්‍රතිපාදන තිබුණද අගමැතිවරයා ඉවත් කිරිමට ක‍්‍රමයක් සදහන් කර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට තම කණ්ඩායම මුළුමනින්ම විරුද්ද බවද මන්ත‍්‍රීවරයා එහිදී කීය.

44 views

14 Comments to “19 සංශෝධනයට අත ඉස්සීම අප කල වැරැද්දක්.. නිවැරදි කරන්න සූදානම්..”

  1. පොඩි එකා.. says:

    පක්ෂ නායකයා කියන ඕන රෙද්දකට අත උස්සන්නේ තමන්ගේ ඇමතිකම ආරක්ෂා කර ගන්න මිසක් රටට ඇති ආදරයකින් නෙවෙයි.. ඕක එදත් වුනා.. අදත් වෙනව.. හෙටත් වෙයි.. රනිල් ගහපු ගැටේ තේරුන් ගන්න පක්ෂ නායකයටත් බැරිවුනා.. ගෝලයින්ටත් බැරිවුනා.. අද එයත් අසරණ වෙලා.. ගෝලයෝත් අසරණ වෙලා.. රටට වෙලා තියෙන දේ පේනවනේ.. දැන් කියනවා කණගාටුයිලු… ඒක කිව්ව ගමන් ඔක්කොම හරි යයි..

    • bandara says:

      ජනතාවගේ ඡන්දයෙන් රටේ රාජ්‍ය නායකයා තෝරනවාට ජනතා විමුක්ති පෙරමුණ අකමැති ඇයි?

    • කසිප්පුවා says:

      පක්ෂ නායකත්වයේ කැමැත්ත සහ පැවැත්ම පමණක් නොව රටට අවශ්‍ය දේ කුමක්දැයි තෝරා පාර්ලිමේන්තු චන්ද විමසීමකදී චන්දය දීම යහපත් රටක් ගොඩනැගීමට තිබිය යුතුම අවශ්‍යතාවයකි. එවැනි චන්දයක් දීමට තරම් සුදුසු බුද්ධියක් ඇති මන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීම චන්දදායකයින්ගේ යුතුකමක් නොව වගකීමකි. කුඩුකරයෙක් ගෙන් හෝ කසිප්පු මුදලාලිලාගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක.

    • Saman lanka says:

      Only Sarath Weerasekara had backbone that time

  2. geetha says:

    ekale mahindatawath, basiltawath gotata wath me gaena awabodayak thibune neha, me prathipala kalinma mathak karala dunne nalin de silva witharamai. dan elaga janadipathiwaranaya mahindatath, gotatath , basilta wath tharaga karanna beha, okai ranil ge kapati mole.

  3. rohana says:

    You can correct yourself in the hell !! Not in this world this life 🙂

  4. LION voice says:

    WELL SAID Rohana…..super comment above..

  5. bleo says:

    මුං මෙහෙම කිව්වට 20 ටත් අත උස්සනවා. නැද්ද බලමු.

  6. Aruna says:

    මුන් 18 කිව්වෙත් ඔකම තමයි.

  7. Sadda says:

    ජවිපෙ 20 ගේන්න රටට ආදරේට නොවේ . එමගින් රට අස්තාවර කර බෙදුම්වාදීන් සමග එක්ව උතුරේ සහ දකුනේ එක්වර ජනතා උද්ගෝෂන ඇති කර එමගින් රාජ්‍ය බලය අල්ලාගැනීමටයි. මේ පිලිබඳව සියල්ලෝම සිතා බැලිය යුතුයි .

  8. Sadda says:

    පොහොට්ටුවට ලැබුණ චන්ද දැකල තක්කු මුක්කු වුන මුන් කොහොමද කල වැරැද්ද නිවැරදි කරන්නෙ . හරි. නිවැරදි කරලම වරෙල්ලා.

  9. Gayantha says:

    18 tath okama kiwwa neda! Lol ! Mai wage boruwo allala muudata danna ona

  10. SUNIMAL says:

    සිරිසේනගේ රෙද්ද අස්සේ ගිහිල්ලා දැන් අපි සුදනෝ කියනවා ලැජ්ජයි

Main News